ඕනෑම මැතිවරණයකට සූදානම් – තැපැල් දෙපාර්තමේන්තුව කියයි

ඉදිරියේදී පැවැත්වෙන ඕනෑම මැතිවරණයක් වෙනුවෙන් තැපැල් දෙපාර්තමේන්තුව සූදානම් බව තැපැල් දෙපාර්තමේන්තුව පවසනවා.

අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ සඳහන් කළේ ඉදිරි පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් ද දෙපාර්තමේන්තුවේ නිල රාජකාරී මේවන විට ආරම්භ වී ඇති බවයි.

ඒ අනුව මේවන විට ලැබී ඇති ප්‍රමුඛ සේවා ලේබලය සහිත මැතිවරණ ලියවිලි අදාළ තේරීම් භාර නිලධාරීන් වෙත යවා තිබෙනවා.

ඉදිරියේදී තැපැල් ඡන්ද සලකුණු කිරීමෙන් අනතුරුව ඒ ඡන්ද පත්‍රිකා අඩංගු රක්ෂිත පැකට්ටු අදාළ තැපැල් කාර්යාල වෙත භාරදීම වෙනුවෙන් සූදානම් බව ද ඔහු ප්‍රකාශ කළා.

තැපැල් දෙපාර්තමේන්තුව බාධා කාරී තත්ත්වයන් යටතේ වුව ද මැතිවරණ කටයුතු වෙනුවෙන් සූදානමින් සිටින අතර ඕනෑම මැතිවරණයක් වෙනුවෙන් තැපැල් ආඥා පනත යටතේ පැවරී ඇති වගීම් කොටස ඉටු කිරීමට බැඳී සිටින බවයි නියෝජ්‍ය තැපැල්පතිවරයා සඳහන් කළේ.

මැතිවරණ කොමිසමේ දැනුම්දීම අනුව තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමේ කටයුතු සඳහා අදාළ ඡන්ද පත්‍රිකා අඩංගු රක්ෂිත පැකට්ටු මෙම මාසයේ මුල් සතියේ තැපැල් කාර්යාල වෙත ලබාදීම සිදු කෙරෙනු ඇතැයි ද ඔහු ප්‍රකාශ කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
21ට කළින් එළියට එන පාස්කු රහස් - CCTV දර්ශනත් මිසින් - මොනවද ඒවගේ තිබ්බේ
40:43
Video thumbnail
නුවර එළිය පිස්සු වැටුණු සෙනඟ මෙන්න - ගියාට කමක් නෑ වනසලා එන්න නම් එපා
04:10
Video thumbnail
සංගීත ප්‍රසංගය 10.30 නතර කරන්න කියපු නිසා ප්‍රේක්ෂකයෝ පොලිසියේ කකුල් අල්ලලා වැඳ වැටෙයි
07:17
Video thumbnail
නවසීලන්තේ යවනවා කියලා මිනිස්සු රවට්ටලා මහාචාර්යවරියක් ගහපු ගේම් එක මෙන්න
05:57
Video thumbnail
විදුලිබල මණ්ඩලයේ සභාපතිට මණ්ඩලය දුන්නා කියන්නේ නරියට කුකුල් කූඩුව භාර දුන්නා වගේ වැඩක්
06:41
Video thumbnail
හඬා වැටෙමින් පිල්ලයාන් කියපු තවත් දේවල් මෙන්න
19:26
Video thumbnail
පිල්ලයාන් කියන්නේ දේශප්‍රේමියෙක් - රහස් රැසක් එළියට ආ මාධ්‍ය හමුව
38:51
Video thumbnail
සජබය ආණ්ඩුවට සැරටම දෙහි කපයි - අපිට ගොඩක් දුකයි මේ වැඩවලට
06:19
Video thumbnail
පෝය දෙකයි - අපි දෙන්නම් උපකාරක පංති - ඇමති තෝ කොහෙද බොල ඉන්නේ
03:59
Video thumbnail
පිල්ලයාන්ගේ නීතිඥයා දැන් ගම්මන්පිල - මේවට තමයි කුමන්ත්‍රණ කියන්නේ
08:21

?