ඔස්ට්‍රෙලියානු ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ සිව්වැනි ළාබාලතම ක්‍රීඩකයාට මංගල තරග වරම්

ඔස්ට්‍රෙලියානු ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ සිව්වැනි ළාබාලතම ක්‍රිකට් ක්‍රීඩකයා ලෙසින් ඉන්දියාවට එරෙහිව මංගල ටෙස්ට් වරම් හිමිකර ගැනීමට සෑම් කොන්ස්ටාස් සමත් වී තිබෙනවා.

එරට ක්‍රීඩා මාධ්‍ය වාර්තා කර ඇත්තේ එළඹෙන දෙසැම්බර් මස 26 වැනිදා ඉන්දියාවට එරෙහිව ආරම්භ වන සිව්වැනි ක්‍රිකට් තරගයට මෙල්බර්න් නුවර දී සෑම් තරග බිමට පිවිසෙනු ඇති බවයි.

සෑම් කොන්ස්ටාස් යනු නව යොවුන් ක්‍රීඩකයෙකු වන අතර ඔහු තවමත් පසුවන්නේ වයස අවුරුදු 19යි දින 85ක් පමණයි.

ඉන්දියාවට එරෙහි ව ආරම්භක ටෙස්ට් තරග තුනේ දී ම පිත්තෙන් ලකුණු 14.40ක සාමාන්‍යයක් ලබා ගත් ආරම්භක පිතිකරු නේදන් මැක්ස්වීනි වෙනුවටයි සෑම් මෙවර කණ්ඩායමට කැඳවා ඇත්තේ.

මීට පෙර ඔස්ට්‍රෙලියානු ඉතිහාසයේ තෙවැනි ළාබාතලම ක්‍රීඩකයා වී ඇත්තේ 1953 දී පිටියට ආ ඉයන් ක්‍රේග්ගෙන්.

කොන්ස්ටාස් අවසන් වරට මෙල්බර්න් හි දී ක්‍රීඩා කරන විට ඔස්ට්‍රෙලියානු A කණ්ඩායම වෙනුවෙන් ඉන්දීය A කණ්ඩායමට එරෙහිව නොදැවී ලකුණු 3ක් සහ ලකුණු 73ක් රැස් කරගැනීමට ද සමත් වුණා.

බ්‍රිස්බේන්හි පැවැති තෙවැනි ටෙස්ට් තරගය වර්ෂාවෙන් ජය පරාජයෙන් තොරව අවසන් වීමත් සමඟ ඔස්ට්‍රේලියානු – ඉන්දීය බෝඩර් ගවස්කාර් ටෙස්ට් තරගාවලිය 1-1ක් ලෙස සම තත්ත්වයට පත්ව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
15
+1
1
+1
4
+1
3
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපතට පත් වූවන් සජිත් ළඟ දුක කියා හඬා වැටෙයි
04:09
Video thumbnail
ගංවතුරෙන් නිවාස ය#වීම නිසා කොටිකාවත්ත ගම්මු දැඩි අසරණවෙයි..සුද්ද කරන්න සුමාන දෙකක්වත් යයි
03:55
Video thumbnail
වෛද්‍යවරුන්ගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
13:27
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55


?