ඔබාමාගේ පුද්ගලික සූපවේදියා හදිසි අනතුරකින් ජීවිතක්ෂයට

ඇමරිකානු හිටපු ජනාධිපති බැරැක් ඔබාමාගේ පුද්ගලික සූපවේදියෙකු පසුගිය ඉරිදා හිටපු ජනාධිපතිවරයාගේ නිවස පිහිටි මාර්තාස් වයිනේයාඩ් හිදී අනතුරකට ලක්ව ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පැඩ්ල් බෝඩ් අනතුරකින් දියේ ගිලී මෙම සූපවේදියා ජීවිතක්ෂයට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ටෆාරි කැම්ප්බෙල් නැමැති 45 හැවිරිදි මෙම පුද්ගලයාගේ සිරුර ඔබාමාගේ නිවස අසල පිහිටි එඩ්ගාටවුන් පොකුණේ තිබී මැසචුසෙට්ස් ප්‍රාන්ත පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

මෙම අනතුර සිදුවන අවස්ථාවේ ඔබාමා සහ ඔහුගේ බිරිඳවන මිෂෙල් ඔබාමා නිවසේ සිට නොමැති බවට ද තොරතුරු වාර්තා වනවා.

ටෆාරි කැම්බල් සූපවේදියා, ඔබාමා ජනාධිපතිව සිටි සමයේ ධවල මන්දිරයේ සූපවේදියෙකු ලෙස සේවය කර ඇති අතර, ඔබාමා විශ්‍රාම යාමෙන් පසු මෙම සූපවේදියා ද සිය පුද්ගලික කාර්ය මණ්ඩල සේවකයෙකු ලෙස තබාගෙන තිබෙනවා.

“ඔහු අපගේ ජීවිතයේ කොටසක් වුණා. අද අපි ටෆාරි දන්නා සහ ආදරය කරන සෑම කෙනෙකු සමඟම විශේෂයෙන් ඔහුගේ බිරිඳ ෂෙරීස් සහ ඔවුන්ගේ නිවුන් පිරිමි ළමයින් වන සේවියර් සහ සවින් සමඟ මෙම අපූරු මිනිසාගේ වියෝව ගැන ශෝකයට පත වෙනවා.”යනුවෙන් හිටපු ජනධිපති ඔබාමා ප්‍රකාශයක් නිකුත්කරමින් සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
0
+1
1
+1
10
+1
5
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.04.08
00:00
Video thumbnail
බොරු කියන එකේ සීමාවක් තියෙන්න ඕනි..හැමවෙලේම ඇඟේ ගාගන්නවා..අඟුරු අරගෙන අපි දත් මැද්දා..
02:50
Video thumbnail
පැලවත්තේ පක්ෂ කාර්යාලයේ දැඩි උණුසුම් තත්ත්වයක්..ඔබතුමා පක්ෂ කාඩර්වරයෙක්..ඒකනේ වෙව්ලන්නේ
14:47
Video thumbnail
සුජීව කුපිත වී පාර්ලිමේන්තුවම දෙවනත් කරයි.."චීන අසූචි නැව අනුර කාලද අසූචි කිව්වේ..ජනපති ටොම් පචයෙක්
13:04
Video thumbnail
"මේකා මචන් දරුණු පොරක්..තනියම ආවේ"ගම්වැදුණු වන අලි රක්ෂිතයට ගිය අයුරු
01:25
Video thumbnail
වැල්ලවායේදී කරනම් ගැසූ ලොරිය..සියල්ල CCTV කැමරාවේ සටහන් වෙයි
00:47
Video thumbnail
බදාදා නිවාඩු දිනය අවලංගු වීමත් සමඟ අද පැවති තත්ත්වය..
00:52
Video thumbnail
පුරාවිද්‍යා ප්‍රශ්නයක් නිසා උදෙන්ම රත්වුණ පාර්ලිමේන්තුව..සමහර කරුණු නොමඟ යවන සුළුයි
03:25
Video thumbnail
බදාදා නිවාඩු දිනය අවලංගු වීමත් සමඟ අද පැවති තත්ත්වය.."හොඳයි ඉතින් නිවාඩුව ඉවර වුණ එක"
01:58
Video thumbnail
එළවළු කඩයකට ගිහින් මුදල්වලට ෆුල් සුද්දයක් දුන් සොරදෙටුවා..සියල්ල තෙවෙනි ඇසේ සටහන් වෙයි
01:21