ඔබාමාගේ පුද්ගලික සූපවේදියා හදිසි අනතුරකින් ජීවිතක්ෂයට

ඇමරිකානු හිටපු ජනාධිපති බැරැක් ඔබාමාගේ පුද්ගලික සූපවේදියෙකු පසුගිය ඉරිදා හිටපු ජනාධිපතිවරයාගේ නිවස පිහිටි මාර්තාස් වයිනේයාඩ් හිදී අනතුරකට ලක්ව ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පැඩ්ල් බෝඩ් අනතුරකින් දියේ ගිලී මෙම සූපවේදියා ජීවිතක්ෂයට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ටෆාරි කැම්ප්බෙල් නැමැති 45 හැවිරිදි මෙම පුද්ගලයාගේ සිරුර ඔබාමාගේ නිවස අසල පිහිටි එඩ්ගාටවුන් පොකුණේ තිබී මැසචුසෙට්ස් ප්‍රාන්ත පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

මෙම අනතුර සිදුවන අවස්ථාවේ ඔබාමා සහ ඔහුගේ බිරිඳවන මිෂෙල් ඔබාමා නිවසේ සිට නොමැති බවට ද තොරතුරු වාර්තා වනවා.

ටෆාරි කැම්බල් සූපවේදියා, ඔබාමා ජනාධිපතිව සිටි සමයේ ධවල මන්දිරයේ සූපවේදියෙකු ලෙස සේවය කර ඇති අතර, ඔබාමා විශ්‍රාම යාමෙන් පසු මෙම සූපවේදියා ද සිය පුද්ගලික කාර්ය මණ්ඩල සේවකයෙකු ලෙස තබාගෙන තිබෙනවා.

“ඔහු අපගේ ජීවිතයේ කොටසක් වුණා. අද අපි ටෆාරි දන්නා සහ ආදරය කරන සෑම කෙනෙකු සමඟම විශේෂයෙන් ඔහුගේ බිරිඳ ෂෙරීස් සහ ඔවුන්ගේ නිවුන් පිරිමි ළමයින් වන සේවියර් සහ සවින් සමඟ මෙම අපූරු මිනිසාගේ වියෝව ගැන ශෝකයට පත වෙනවා.”යනුවෙන් හිටපු ජනධිපති ඔබාමා ප්‍රකාශයක් නිකුත්කරමින් සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
0
+1
1
+1
10
+1
5
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි ගත්ත තීන්දු විමල් වීරවංශට උපවාසය නවත්තන්න හේතුවක් වෙන්නේ නෑ
05:57
Video thumbnail
ලාල් කාන්තගේ ප්‍රකාශයට මිහින්තලේ හිමි CIDයට එයි
06:00
Video thumbnail
AIවලින් රටක් කරන්න බෑනේ..එහෙනම් ට්‍රම්ප් කරනවනේ..ළමයි රොබෝලා කරලා රටක් දියුණු කරන්න පුළුවන්ද?
09:16
Video thumbnail
6 ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරට කල් දැමේ..වගකිය යුතු නිලධාරින්ට දැඩි විනය ක්‍රියාමාර්ග
03:43
Video thumbnail
ලාල් කාන්තලාට ඒ කාලේ කන්න දුන්නේ හාමුදුරුවෝ
04:07
Video thumbnail
Breaking News
02:36
Video thumbnail
මධ්‍යම කඳුකරය ගැන ජනපති සංවේදී වෙමින් කිව්ව කතාව
02:21
Video thumbnail
වාහනයෙන් ගිය හරිනිට විමල් ඇතුළු සෙට් එක හූ..කියයි
00:33
Video thumbnail
සත්‍යග්‍රහයට ආ අපිලාගේ සාදුගෙන් අධ්‍යාපන ලේකම්ට සැර සත්තමක්.."මේකා හරිනිට කඩේ යනවා"
06:36
Video thumbnail
විමල්ගේ සහයට තවත් ප්‍රබලයෙක් එකතුවෙයි
04:04


?