දුම්රිය ආසන ඔන්ලයින් වෙන් කිරීමේදී මාෆියාවක්

“දුම්රියෙන් යමු – ඩිජිටල් වෙමු” තේමාවෙන් දුම්රිය ආසන වෙන් කර ගැනීමේ කටයුතු අන්තර්ජාලය ඔස්සේ පමණක් සිදුකිරීම පසුගියදා ආරම්භ කෙරුණත්, මේ වනවිට එය අර්බුද රැසක් නිර්මාණය කර තිබෙනවා.

එසේම, සංචාරක මග පෙන්වන්නන් විසින් අන්තර්ජාලය ඔස්සේ ප්‍රවේශපත්‍ර වෙන් කරවා ගැනීම මාෆියාවක් බවට පත් කර ගැනීම හේතුවෙන් මේ වනවිට සාමාන්‍ය මගී ජනතාවට හෝ බලපත්‍ර ලබා ගන්නා රජයේ සේවකයින්ට ආසන වෙන්කරවා ගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති බවයි වාර්තා වන්නේ.

දුම්රිය ආසන කලින් වෙන් කිරීම් මාර්තු 14 වැනිදා සිට මුළුමනින්ම අන්තර්ජාලය ඔස්සේ පමණක් සිදු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කළා.

ඒ පද්ධතිය යාවත්කාලීන කළ බව පවසමින් සහ එය මගී ජනතාවට පහසුවක් වන බව සඳහන් කරමින්.

ඊට අදාළව පසුගිය 14 වැනිදා උත්සවයක්ද සංවිධාන කර තිබුණා.

මෙම සේවාව මඟින් සාමාන්‍ය පරිදි දුම්රිය ආසන වෙන් කර ගැනීම සඳහා මෙන්ම රාජ්‍ය සේවකයින්ට වොරන්ට් බලපත්‍ර මගින් ආසන වෙන් කර ගැනීම සඳහාද අවස්ථාව සලසා දී ඇති බව එහිදී දුම්රිය බලධාරීන් වහසි බස් දෙඩුවා.

කෙසේ වෙතත්, මෙම පද්ධතියේ ගැටළු රැසක් පැන නැගී ඇති බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය ඇතුළු දුම්රිය වෘත්තීය සමිති අවස්ථා ගණනාවකදී පෙන්වා දී තිබෙනවා.

ඉන් එකක් වූයේ අන්තර්ජාලය ඔස්සේ කලින් ආසන වෙන්කරවා ගැනීමට යාමේදී ඇතැම් සංචාරක සේවා සපයන ආයතන විසින් පද්ධතිය විවෘත වන වේලාවටම ඊට පිවිස, සංචාරක ආකර්ශනය ඇති දුම්රිය ගමන්වාරවල ආසන සියල්ල එකවර වෙන් කරවා ගැනීමයි.

එම අවස්ථාවලදී මෙරට සාමාන්‍ය ජනතාවට හෝ රාජ්‍ය සේවකයින්ට කලින් ආසන වෙන් කරවා ගැනීමේ අවස්ථාව මග හැරී යනවා.

මීට පෙර දුම්රිය ආසන කලින් වෙන් කරවා ගැනීමේ පද්ධතියේ 60%ක් දුම්රිය ස්ථාන හරහාත්, 40%ක් අන්තර්ජාලය හරහාත් සිදු කෙරුණා.

එසේම, අන්තර්ජාලය ඔස්සේ දුම්රිය ආසන කලින් වෙන්කරවා ගැනීම 100% සිදුවූවත්, එය තහවුරු කර ගැනීම සඳහා දුම්රිය ස්ථාන වෙත යෑමට සිදුවීම මෙහි තවත් එක් ගැටළුවක්.

මෙම ගැටලු හේතුවෙන් අන්තර්ජාලයෙන් ආසන වෙන් කරවාගත් මගීන්, බලපත්‍රලාභීන් මෙන්ම දුම්රිය ස්ථානාධිපතිවරුන් ද පසුගිය දින කිහිපයේ අපහසුතාවයට පත් වූ බව දුම්රිය ස්ථානාධිපති සංගමය පෙන්වා දෙනවා.

ඒ අනුව, වෘත්තීය සංගමය තීරණය කර ඇත්තේ කලින් ආසන වෙන් කරවා ගත් මගීන්ට සේවා ලබා දීමෙන් වැළකී සිටීමටයි.


එසේම, ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ අන්තර්ජාලය හරහා වෙන්කරනු ලබන ප්‍රවේශපත්‍ර සඳහා වූ ව්‍යාපෘතියට ආසියානු සංවර්ධන බැංකුව ලබාදුන් ණය මුදල අවභාවිත කිරීම පිළිබඳව සමගි දූෂණ විරෝධී බලවේගය ඊයේ (28) දින ආසියානු සංවර්ධන බැංකු කාර්යාලය වෙත පැමිණිලි කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රාජිතගෙන් ආණ්ඩුවට උපදෙස්..අද කොහෙද නිදහස් සෞඛ්‍යයක් තියෙන්නේ..අපේ කාලේ 100%ක් තිබුණා
07:56
Video thumbnail
දිට්වා නිසා සහල්වලට වෙන්න යන දේ මෙන්න..මහ කන්නය අවසානයේදී වී අස්වැන්නේ අඩුවක්
07:59
Video thumbnail
වැලිගම සභාපති ධුරයේ ඡන්ද විමසුම දින නොමැතිව කල් යයි..
03:31
Video thumbnail
මාධ්‍ය ආයතනවලට තර්ජනය කරන එක බරපතළ ඛේදවාචකයක්
02:53
Video thumbnail
කෙහෙළිය වගේම නලින්දත් හිරෙට යන්න ඕනේ..සාධාරණ පරීක්‍ෂණයක් ඉටු කර දෙන ලෙස ඉල්ලලා CIDයට පැමිණිල්ලක්.
05:25
Video thumbnail
පනත නොතිබ්බත් මුන් හැමතැනටම ඇඟිලි ග#නවනේ.. අපිලාගේ සාදු ලෙසටම දෙසයි
04:52
Video thumbnail
මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ බෝ#බ බියක්
00:27
Video thumbnail
මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ බෝ#බ බියක්.. ආරක්ෂක අංශ හදිසි සෝදිසියක්
01:57
Video thumbnail
3 හැවිරිදි දියණියෙකුට ජීවිතය අහිමි කළ බිහිසුණු අනතුර
01:06
Video thumbnail
නීතිය දන්නේ නැත්තම් ගෙදරට වෙලා ඉන්න - පිස්සෙක් වගේ කෑගහන්න එපා
02:39


?