මහ කන්නය අවසානයේ වී අස්වැන්නේ අඩුවක් – කීරි සම්බා විතරක් හිඟවෙයි

මහ කන්නය අවසානය වන විට වී අස්වැන්නේ අඩුවක් සිදුවිය හැකි බව වී අලෙවි මණ්ඩලයේ සභාපති මංජුල පින්නලන්ද පවසනවා.

අද (26) දහවල් මාධ්‍ය හමුවක් පවත්වමින් සභාපතිවරයා සඳහන් කළේ අස්වැන්නේ අඩුවීමක් සිදු වුවද, එය වී හෝ සහල්වල හිඟයක් ඇතිවීමට බලපෑමක් ඇතිනොවන බවයි.

දිට්වා සුළි කුණාටුව දිවයිනට බලපෑමක් සිදුනොකළේ නම් මෙවර මහ කන්නයේ දී ඉලක්ක ගත ප්‍රමාණයටත් වඩා වැඩි, වී අස්වැන්නක් ලැබීමට තිබූ බවයි සභාපතිවරයා පැවසුවේ.

කෙසේ වෙතත් බලපෑ ආපදා තත්ත්වය හේතුවෙන් වී අස්වැන්නට යම් බලපෑමක් සිදුවූ බව සඳහන් කළ ඔහු, එය ආහාර සුරක්ෂිතාවට බලපෑමක් එල්ල නොවන බවයි සඳහන් කර සිටියේ.

අවශ්‍ය ප්‍රමාණයට සහල් රට තුළ ඇති බවත්, කීරි සම්බා සහල්වල පමණක් යම් අඩුවක් ඇති බවත්, ඊට ආදේශක සහල් ආනයනය කර ඇති බවත් සභාපතිවරයා වැඩිදුරටත් පැවසුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26