තලවකැලේ ප්‍රා.ලේ කාර්යාලය ඉදිරිපිටදී අයෙක් ගින්දරින් ජීවිතයට හානි කරගැනීමේ තැතක්

තලවකැලේ ප්‍රාදේශිය ලේකම් කාර්යාලය ඉදිරිපිට අද (26) පස්වරුවේ දී පුද්ගලයෙක් තම සිරුරට ගිනි තබා ගෙන ඇති බවට පුවතත් වාර්තා වනවා.

හැටන්, ලෙදන්ටි වතුයායේ පදිංචි පුද්ගලයෙක් විසින් ඇති වූ පවුල් ආරවුලක් මත මෙලෙස ගිනි තබාගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

පවුලේ ඥාතින් විසින් ඔහුව මානසික රෝගි තත්වයෙන් පෙලෙන අයෙක් බව හගවමින් ඔහුගේ දරුවන්ව ඔහුගෙන් වෙන් කළ බවට ලිපියක් ලියා තබමින් එම පුද්ගලයා ගිනි තබා ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මෙලෙස තමන්ට අසාධාරණයක් සිදු වූ බවත් ඒ සම්බන්ධයෙන් හැටන් පොලිසියට තමන් පැමිණිල්ලක් සිදු කළ ද, එම පැමිණිල්ලට ද සාධාරණයක් ඉටු වී නොවුණු බව ඔහු එම ලිපියේ සදහන් කර තිබෙනවා.

කෙසේ වෙතත් ගිනි තබා ගැනීමෙන් පසුව බරපතල ලෙස පිලිස්සුම් තුවාල ලැබූ එම පුද්ගලයාව ලිදුල ප්‍රාදේශිය රෝහල වෙත ඇතුලත් කිරිමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සදහා නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහල වෙත මාරු කර යැවූ බව තලවකැලේ පොලිසිය පවසනවා.

සිද්ධිය සම්බන්ධයෙන් තලවකැලේ පොලිසිය විසින් වැඩිදුර විමර්ෂණ සිදු කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
76ක් කාපු එකායි, 76 ඉඳන් කාපු එකායි බයිලා ගහනවා
05:52
Video thumbnail
ආයේ ප්‍රභා කෙනෙක්ව ඇතිකරන්න හදනවා - ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
06:11
Video thumbnail
දැඩි වර්ෂාපතනයත් සමඟ කිරිඳිඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළට
00:54
Video thumbnail
බස් රථයක් ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක්
00:52
Video thumbnail
හැටන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක් දෙයි
00:55
Video thumbnail
පවුල් පිටින් ඇවිත් රත්තරං බඩු කඩයකින් හොරකම් කරන හැටි - පොඩි කොල්ලා කුරුමාණම අල්ලලා කරපු දේ
01:33
Video thumbnail
ත්‍රී රෝද රථයක් මුහුණ දුන් බිහිසුණු අනතුර
00:40
Video thumbnail
සුරේෂ් සලේගේ දැන් තත්ත්වය නලින්ද හෙළිකරයි - ප්‍රශ්නයක් නෑ - හොඳට කනවා බොනවා
01:40
Video thumbnail
ගුවන්යානා මිලදී ගද්දි කොමිස් මුදල අනිවාර්යයිද ? අංගුලිමාලට සමාව දුන්නා වගේ සමාව දෙන්න පුළුවන්ද ?
01:36
Video thumbnail
අර්චුනාට වසර 20ට වැඩි සිර දඬුවම්..?
11:48