ඔන්මැක්ස් වංචාවට හසු වූ සැමගේ පැමිණිලි භාර ගැනීමට ක්‍රමවේදයක් සකසන්න – අධිකරණය නියෝග කරයි

ඔන්මැක්ස් ටී. ඩී (Onmax TD) පිරමීඩ යෝජනා සැලැස්මට අදාළව මුදල් ආයෝජනය කර මේ වනවිට (25) මුදල් අහිමිවී සිටින තැන්පත්කරුවන්ට පැමිණිලි කිරීමට සුදුසු අකෘතියක් පිළියෙල කර ලංකාවේ සියලුම පොලිස් ස්ථානවලට යොමු කරන ලෙසත්, එම පැමිණිලි භාර ගන්නා ලෙසත් ලංකාවේ සියලුම පොලිස් ස්ථානවල ස්ථානාධිපතිවරුන්ට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා නියෝග කර තිබෙනවා.

එමෙන්ම එම නියෝගවල පිටපතක් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (පරිපාලන ) වෙත යවන ලෙස ද ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝග කළ බවයි අප අධිකරණ වාර්තාකරු පැවසුවේ.

මෙම පිරමීඩ ජාවාරමට අදාළ නඩුව අද (25) කැඳවනු ලැබු අවස්ථාවේ දී ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා එම නියෝගය නිකුත් කළා.

මෙම නඩුවේ විත්තිකරුවන් සියලුම දෙනා අධිකරණය හමුවේ පෙනී සිටි අතර නඩුවේ තැන්වැනි විත්තිකරු වන සමාගමේ අධ්‍යක්ෂවරයකු වන සම්පත් සඳරුවන් නමැත්තා හට ලබන ඔක්තෝබර් 04 වැනිදා කොළඹ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසත් ඔහුගේ දේපල සම්බන්ධයෙන් තක්සෙරු වාර්තා ලබා ගැනීම සඳහා අවශ්‍ය වන ඉඩම් හා නිවාසවල පිඹුරුපත් වාර්තා එදිනම අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දෙන ලෙසත් වැඩිදුරටත් නියෝග කළ බවයි වාර්තා වන්නේ.

පැමිණිල්ල වෙනුවෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව සමග රජයේ අධිනීතිඥ ඔස්වල්ඩ් ලක්ෂ්මන් ප්‍රනාන්දු මහතා පෙනී සිටියා.

විත්තිකරුවන් වෙනුවෙන් ජනාධිපති නිතිඥ අනුජ ප්‍රේමරත්න මහතා ඇතලු නීතිඥ මණ්ඩලයක් පෙනී සිටි අතර නඩුව නැවත ලබන ඔක්තෝබර් 23 වැනිදා කැඳවීමට ද නියෝග කෙරුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඈවරයි.. දෑවරයි.. තුන්ඈවරයි - ගල් අඟුරු වංචාව කුජීතයි
19:07
Video thumbnail
සාද තියලා තනි රෝදෙන් වැඩ පෙන්නන්න හිතෙයි..ඒවා කළොත් නම් කිසි සමාවක් දෙන්නේ නෑ
08:29
Video thumbnail
ජනාධිපතිතුමා ඉද්දී මීක් නෑ - ගියාට පස්සේ සිංහයෝ වගේ කෑගහනවා
01:20
Video thumbnail
පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළ අද විවෘත වෙයි..මෙන්න එහි නවතම තත්ත්වය
01:33
Video thumbnail
කෙහෙළිය බාල බෙහෙත් ගෙනාවේ විදලා බලලා නෙමෙයිනේ
06:08
Video thumbnail
විමල් වීරවංශ බලශක්ති ඇමතිට ලෙසටම දෙසයි.."අඟුරු කකා වතුර බිබී හොරකමට දුවන යකඩ යක්කු මේ"
04:13
Video thumbnail
අනුර කුමාර අඟුරු කුමාර වෙලා l Marikkar l Anura Kumara
12:54
Video thumbnail
මම දෙන ආතල් එකට රු 1000යි දෙන්නේ - මදිනේ සර් l Archuna
00:42
Video thumbnail
බාල කුමාරගේ ගැලවීම සඳහා අඟුරු කුමාර ඉදිරිපත් වෙනවා..විමල් හොදටම අමතයි
10:06
Video thumbnail
ගල් අඟුරුත් බාලයි.. රාජ්‍ය පාලනයත් බාලයි l Sajith l Anura
13:30