ඔන්මැක්ස් මූල්‍ය වංචාවේ දෙවන පෙළ අධ්‍යක්ෂවරයෙකු පෙබරවාරි 20 තෙක් රිමාන්ඩ්

ඔන්මැක්ස් ඩී.ටී. නීතිවිරෝධී පිරමීඩාකාර මූල්‍ය සමාගමේ දෙවන පෙළ අධ්‍යක්ෂවරයෙකු වන ලුණුගම්වෙහෙර කට්ටඩිගේ දිනේෂ් චානක සැකකරු ලබන 20 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලී මහත්මිය අද (06) නියෝග කළා.

පසුගිය වසරේ (2024) මැයි මස තුන්වෙනි දින දිනේෂ් චානකට එරෙහිව අධිකරණය මගින් වරෙන්තු නියෝග නිකුත් කළ අතර සැකකරු පසුගිය 05 දින ඩුබායි රටේ සිට මෙරටට පැමිණි පසුව රහස් පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කෙරුණා.

සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අනුර ද සිල්වා මහතා කරුණුු දක්වමින් විමර්ශනයන්ට සහාය දක්වන සිය සේවාදායකයා ඕනෑම කොන්දේසියක් යටතේ ඇප නියම කරන ලෙස ඉල්ලා සිටියා.

රහස් පොලිසියේ මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය කියා සිටියේ තැන්පත්කරුවන් හය දෙනෙකු මෙම සැකකරුගේ ගිණුමට රුපියල් කෝටි දෙකකට අධික මුදල් ප්‍රමාණයක් බැර කර ඇති බවට පැමිණිලි ලැබී ඇති බවත් ,රුපියල් කෝටි තිහකට අධික තැන්පතු මෙම සැකකරු විසින් භාරගෙන ඇති බවට තොරතුරු අනාවරණය වන බවත්, ඒ සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදු කරන බවයි.

සැකකරුගේ බැංකු ගිණුම් වාර්තා ලබා ගැනීම ඇතුළු තවදුරටත් විමර්ශන සිදු කරන බවට බව ද ,සඳහන් කළා.

බැංකු පනතේ 83 අ (1) වගන්තියට අනුව සහ 2011 අංක 40 දරන පනතේ 2006 අංක 05 දරන මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ පනතේ 3 වන වගන්තියට අනුව දඬුවම් ලැබිය හැකි වරදක් සිදු කිරීම සම්බන්ධයෙන් මෙම විමර්ශන සිදු කරන බව ද පැවසුවා.

විමර්ශන අවසන් නොමැති බැවින් ඇප නියම නොකරන ලෙස ද ඉල්ලා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි කොල්ලෝ සෙට් එකක් වෙළෙඳසැලකින් චොකලට් හොරකම් කරන හැටි..සියල්ල CCTV කැමරාවේ සටහන් වෙයි
02:52
Video thumbnail
අපි නැකැත් පත්‍රයක් දුන්නම රට ජෑම් වෙන්නේ නෑ..ආණ්ඩුවට දුන් කාලය ඉවරයි..l Dilith Jayaweera
04:16
Video thumbnail
පොලිසියත් එක්කද මේ බරටම ඩීල් දාන්නේ..?"සර්ට ඉෂානිගේ වැඩේ කරලා දෙන්නම්.."
05:06
Video thumbnail
ලසිත් මාලිංග ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන කිව්ව කතාව.."මට හිතුනා අපිට යම් තැනක් මිස් වුණාද කියලා"
04:33
Video thumbnail
විපක්ෂයේ එදා අනතුරු ඇගවීම අද ඇත්තක් වෙලා..තෙල් සමාගම් 3ක් තෙල් ලබාදීම සීමා කරලා තියෙන්නේ
03:05
Video thumbnail
"වැඩමවා වදාළ වනචාරී මහා සංඝරත්නයෙන් අවසරයි"මිහින්තලේ හිමි බණ කියන්න අවසර ගත් හැටි
02:46
Video thumbnail
හතරවටින්ම වේගපන්දු ක්‍රීඩකයන් සොයන මාලිංග..සනත්, ධම්මික ඇතුළු ප්‍රබලයින් සෙට් එකක්ම ඇවිත්
03:21
Video thumbnail
කරවනැල්ල නගරයේ ආයතනයක හදිසියේම ඇතිවූ මහ ගින්න..මෙන්න එහි නවතම දර්ශන
01:05
Video thumbnail
ඉන්ධන රස දන්නේ JVP කාරයෝ තමයි..ඉන්ධන ඉවරවෙන්න අපි කෑවද ඉන්ධන l Asela Sampath
01:24
Video thumbnail
ඉන්ධන සමාගමක් ඩීසල් ලබාදීම සම්පූර්ණයෙන් නතර කරලා ?පොරක් කියලා හිතපු කාංචනගේ කෙරුවාව හෙළිවෙයි
10:53