එළුවෙකුගේ දිවි බේරන්න ගිහින් ළමයෙකුගේ දිවි අහිමිවෙයි

කුච්චවේලි පොලිස් වසමේ පල්ලිමුණේ ප්‍රදේශයේදී පිරිමි ළමයෙකුට විදුලි සැර වැදී මියගොස් ඇති බවට කුච්චවේලි පොලිසිය පවසනවා.

ඊයේ (10) උදෑසන කාලයේ මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 16ක පිරිමි ළමයෙක්.

අසල ඉඩමක අනවසරෙන් අදින ලද විදුලි රැහැනකට හසුවූ එළුවෙකු බේරීමට ගිය අවස්ථාවේ ළමයාට ද විදුලි සැර වැදී මෙම අනතුර සිදුව ඇති බවයි දැනට සිදුකරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ.

මේ අතර විදුලි සැර වැදී රස්නායකපුර පොලිස් වසමේ තලාකොළවැව ප්‍රදේශයේදී පුද්ගලයෙකුඩා මියගොස් ඇති බව පොලිසිය සඳහන් කරනවා.

මෙම පුද්ගලයා ද ඊයේ (10) උදෑසන විදුලි සැර වැදී මෙලෙස මියගොස් ඇති අතර, ඔහු රස්නායකපුර ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 75ක අයෙක්.

වගාව වන සතුන්ගෙන් ආරක්ෂා කර ගැනීම සඳහා මෙම පුද්ගලයා විසින්ම අදින ලද අනවසර විදුලි රැහැනක ගැටී ඔහු මෙලෙස මියගොස් ඇති බවයි සිදුකළ විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ.

රස්නායකපුර පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?