එළිමහන් ස්ථානවල දුම්පානයට බ්‍රිතාන්‍යයේ තහනමක්

බ්‍රිතාන්‍ය රජය එළිමහන් ස්ථානවල දුම් පානය කිරීම තහනම් කිරීමට තීරණය කර තිබෙනවා.

දුම්කොළ භාවිතය හේතුවෙන් වැළක්විය හැකි මරණ සංඛ්‍යාව අඩු කිරීම සඳහා ඒ අනුව එළිමහන් අවන්හල්, එළිමහන් මත්පැන්හල් දුම්බීමේ තහනම් කලාප බවට බවට පත්වනු ඇති.

දුම්බීමෙන් ජාතික රෝහල් සේවා පද්ධතිය මත පැටවෙන අධික බර අවම කිරීමට රජයක් වශයෙන් පියවර ගත යුතු බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ශ්‍රීමත් කීර් ස්ටාමර් පවසා තිබෙනවා.

රජයේ මෙම තීරණයට සෞඛ්‍ය අංශ දැඩි ප්‍රසාදය පළකර තිබෙන අතර, තවත් පිරිසක් එය දැඩිව විවේචනය කරමින් කියා සිටින්නේ රජය ගෙන ඇති මේ තීරණය මගින් රටේ ආගන්තුක සත්කාර අංශයට බලවත් අහිතකර බලපෑම් ඇතිකරන බවයි.

බ්‍රිතාන්‍යයේ තුන්වන චාල්ස් රජු පසුගිය මස එරට නව පාර්ලිමේන්තු සැසි වාරය ආරම්භ කරමින් පසුගිය රජය යටතේ පාර්ලිමේන්තුවට ගෙන ආ දුම් පානය අවම කිරීමේ පනත් කෙටුම් පත යළි වත්මන් රජයේ අනුමැතිය සඳහා ඉදිරිපත් කරන කරන බවට සහතික වී තිබුණා.

එහි සඳහන් වන්නේ බ්‍රිතාන්‍යය තුළ 2009 වසරින් පසුව උපත ලබා ඇති කිසිවකුට දුම්වැටි අලෙවි කිරීම තහනම් කරනු ලබන බවයි.

එළිමහන් දුම්පානය තහනම සමස්ථ එකසත් රාජධානිය තුළම බලාත්මක වන්නේ ද නොඑසේනම් එය එංගලන්තයට පමණක් බල පැවැත්වෙන්නේ ද යන්න මෙතෙක් අනාවරණය වී නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
21ට කළින් එළියට එන පාස්කු රහස් - CCTV දර්ශනත් මිසින් - මොනවද ඒවගේ තිබ්බේ
40:43
Video thumbnail
නුවර එළිය පිස්සු වැටුණු සෙනඟ මෙන්න - ගියාට කමක් නෑ වනසලා එන්න නම් එපා
04:10
Video thumbnail
සංගීත ප්‍රසංගය 10.30 නතර කරන්න කියපු නිසා ප්‍රේක්ෂකයෝ පොලිසියේ කකුල් අල්ලලා වැඳ වැටෙයි
07:17
Video thumbnail
නවසීලන්තේ යවනවා කියලා මිනිස්සු රවට්ටලා මහාචාර්යවරියක් ගහපු ගේම් එක මෙන්න
05:57
Video thumbnail
විදුලිබල මණ්ඩලයේ සභාපතිට මණ්ඩලය දුන්නා කියන්නේ නරියට කුකුල් කූඩුව භාර දුන්නා වගේ වැඩක්
06:41
Video thumbnail
හඬා වැටෙමින් පිල්ලයාන් කියපු තවත් දේවල් මෙන්න
19:26
Video thumbnail
පිල්ලයාන් කියන්නේ දේශප්‍රේමියෙක් - රහස් රැසක් එළියට ආ මාධ්‍ය හමුව
38:51
Video thumbnail
සජබය ආණ්ඩුවට සැරටම දෙහි කපයි - අපිට ගොඩක් දුකයි මේ වැඩවලට
06:19
Video thumbnail
පෝය දෙකයි - අපි දෙන්නම් උපකාරක පංති - ඇමති තෝ කොහෙද බොල ඉන්නේ
03:59
Video thumbnail
පිල්ලයාන්ගේ නීතිඥයා දැන් ගම්මන්පිල - මේවට තමයි කුමන්ත්‍රණ කියන්නේ
08:21

?