spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

එළවළු මිල අහස උසට නඟී

මැනිං වෙළෙඳපොළේ එළවළු මිල ඊයේ (20 ) ඉතා ඉහළ අගයක් ගත් බව පෑලියගොඩ මැනිං වෙළෙඳපොළේ මැනිං එක්සත් ප්‍රගතිශීලී සංගමය පැවසීය. කෙසෙල් ඇතුළු පලතුරුවල මිල පහත බැසිමක්ද දක්නට ලැබේ.

ඊයේ කැරට් තොග කිලෝවක් රුපියල් 300 කට ද, බීට් කිලෝවක් රුපියල් 200 කට ද, බෝංචි කිලෝවක් රුපියල් 400 කට ද, මාළු මිරිස් කිලෝවක් රුපියල් 300 කට ද, වම්බටු කිලෝවක් රුපියල් 200 කට ද, අමු මිරිස් කිලෝවක් රුපියල් 700 කට ද, පතෝල කිලෝවක් රුපියල් 250 කට ද, වට්ටක්කා කිලෝවක් රුපියල් 100 කට ද, පිපික්‍ඳ්ඤා කිලෝවක් රුපියල් 100 කට ද, කැකිරි කිලෝවක් රුපියල් 120 කට ද අලෙවි තිබේ.

සීනි කෙසෙල් කිලෝවක් රුපියල් 50 කට ද, කෝලිකුට්ටු කෙසෙල් කිලෝවක් රුපියල් 300 කට ද , ඇඹුල් කෙසෙල් කිලෝවක් රුපියල් 100 කට ද, අඹ කිලෝවක් රුපියල් 250 කට ද, කොමඩු ගෙඩියක් රුපියල් 150 කට ද, ගස්ලබු ගෙඩියක් රුපියල් 150 කට ද අලෙවි කෙරුණි.

පලතුරු මිලදී ගැනීමට එන පාරිභෝගික ජනතාවගේ ඉතා අඩුවක් දක්නට ලැබි ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?