එළවළු ප්‍රවාහනය සඳහා වායු සමීකරණය කරන ලද දුම්රිය මැදිරි ලබාදෙන බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ පොරොන්දු වූ බව සමස්ත ලංකා ආර්ථික මධ්‍යස්ථාන එකමුතුවේ සහ නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානයේ සභාපති අරුණ ශාන්ත පවසනවා.
දුම්රිය දෙපාර්තුමේන්තුව පෞද්ගලික අංශය සමඟ එක්ව නියමු ව්‍යාපෘතියක් වශයෙන් නානුඔය සිට කොළඹ දක්වා එළවළු ප්‍රවාහනය කරන දුම්රිය මැදිරි කිහිපයක් වායු සමීකරණය කර දී එම ව්‍යාපෘතිය සාර්ථක කර ගැනීමට උපකාර කරන බවට ජනාධිපතිවරයා මෙහිදී පොරොන්දු වී තිබෙනවා.
එළවළු ගොවීන්ගේ දැනට පවතින ගැටළු සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ඊයේ (01) තමන් සමඟ කළ සාකච්ඡාවක දී මේ බව සඳහන් කළ බවයි සභාපතිවරයා පැවසුවේ.
පසුගිය දා ආරම්භ කළ නානුඔය සිට කොළඹ දක්වා දුම්රියෙන් එළවළු ප්‍රවාහනය කිරීමේ නියමු ව්‍යාපෘතිය සාර්ථක බව ද සභාපතිවරයා ජනාධිපතිවරයාට මෙහිදී පවසා තිබෙනවා.
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට මෙන්ම නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානයට ද එළවළු ගබඩා කිරීමට අවශ්‍ය ශිතාගාරයක් ලබාදෙන බවටත් ජනාධිපතිවරයා මෙහිදී පොරොන්දු වූ බව සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළා.
.




