එළඹෙන සතියේ පාර්ලිමේන්තුව දින දෙකකට සීමාවෙයි

එළඹෙන සතියේ දී පාර්ලිමේන්තුව 17 වන අඟහරුවාදා සහ 18 වන බදාදා පමණක් රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර පවසනවා.

කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ දී ‍එම සතියට අදාළ පාර්ලිමේන්තු කටයුතු තීරණය කරනු ලැබුවා.

දෙසැම්බර් 17 වන අඟහරුවාදා පෙරවරු 9.30ට පාර්ලිමේන්තුව රැස්වන අතර, පෙරවරු 9.30 සිට 10.30 දක්වා කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර තිබෙනවා.

අනතුරුව පෙරවරු 10.30 සිට පස්වරු 2.00 දක්වා පාසල් ළමුන් සඳහා ලිපිද්‍රව්‍ය ලබාගැනීම සඳහා දීමනාවක් ලබාදීම සඳහා වූ පරිපූරක ඇස්තමේන්තුව සහ 2024 මාර්ග ව්‍යාපෘති සඳහා ප්‍රතිපාදන වෙන්කිරීම වෙනුවෙන් වූ පරිපූරක ඇස්තමේන්තුව විවාදයට ගෙන, එම විවාදය 2024.12.18 වැනි දිනට ද පැවැත්වීමට තීරණය වුණා.

පසුව පස්වරු 2.00 සිට පස්වරු 5.30 දක්වා ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳව විරුද්ධ පාර්ශ්වය විසින් ගෙන එනු ලබන සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව විවාදයට ගැනීමට නියමිතයි.

දෙසැම්බර් 18 වන බදාදා පෙරවරු 9.30ට පාර්ලිමේන්තුව රැස්වන අතර, පෙරවරු 9.30 සිට පෙරවරු 10.30 දක්වා කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර ඇති බවයි පාර්ලිමේන්තු මහ ලේකම්වරිය පැවසුවේ.

අනතුරුව පෙරවරු 10.30 සිට පස්වරු 5.00 දක්වා පෙර දින කල්තබන ලද පරිපූරක ඇස්තමේන්තු දෙක සම්බන්ධ විවාදය සමඟ, ආනයන අපනයන (පාලන) පනත යටතේ රෙගුලාසි, විදේශ විනිමය පනත යටතේ නියෝගය, ගෙවීමේ සහ බේරුම් කිරීමේ පද්ධති පනත යටතේ රෙගුලාසි, කැසිනෝ ව්‍යාපාර (නියාමනය) පනත යටතේ රෙගුලාසි, වරාය සහ ගුවන්තොටුපළ සංවර්ධන බදු පනත යටතේ නියෝගය, කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභා පනත යටතේ රෙගුලාසිවලට අදාළ විවාදය පැවැත්වීමටත් එම විෂයන් සියල්ලම පස්වරුවේ සම්මත කරගැනීමටත් නියමිතව තිබෙනවා.

අනතුරුව පස්වරු 5.00 සිට පස්වරු 5.30 දක්වා සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න (ප්‍රශ්න දෙකක්) සදහා කාලය වෙන් කර ඇති බව සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි ගත්ත තීන්දු විමල් වීරවංශට උපවාසය නවත්තන්න හේතුවක් වෙන්නේ නෑ
05:57
Video thumbnail
ලාල් කාන්තගේ ප්‍රකාශයට මිහින්තලේ හිමි CIDයට එයි
06:00
Video thumbnail
AIවලින් රටක් කරන්න බෑනේ..එහෙනම් ට්‍රම්ප් කරනවනේ..ළමයි රොබෝලා කරලා රටක් දියුණු කරන්න පුළුවන්ද?
09:16
Video thumbnail
6 ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරට කල් දැමේ..වගකිය යුතු නිලධාරින්ට දැඩි විනය ක්‍රියාමාර්ග
03:43
Video thumbnail
ලාල් කාන්තලාට ඒ කාලේ කන්න දුන්නේ හාමුදුරුවෝ
04:07
Video thumbnail
Breaking News
02:36
Video thumbnail
මධ්‍යම කඳුකරය ගැන ජනපති සංවේදී වෙමින් කිව්ව කතාව
02:21
Video thumbnail
වාහනයෙන් ගිය හරිනිට විමල් ඇතුළු සෙට් එක හූ..කියයි
00:33
Video thumbnail
සත්‍යග්‍රහයට ආ අපිලාගේ සාදුගෙන් අධ්‍යාපන ලේකම්ට සැර සත්තමක්.."මේකා හරිනිට කඩේ යනවා"
06:36
Video thumbnail
විමල්ගේ සහයට තවත් ප්‍රබලයෙක් එකතුවෙයි
04:04


?