spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

එළදෙනක් නිසා බෑනා මාමණ්ඩියව ඝාතනය කරලා

එළදෙනක් සම්බන්ධයෙන් ඇති වූ ආරවුලකට බෑනා විසින් මාමණ්ඩිය ඝාතනය කළ පුවතක් ඉන්දීය මාධ්‍ය අද (05) වාර්තා කර තිබෙනවා.

උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ අම්රෝහා දිස්ත්‍රික්කයේ හසන්පූර් පොලිස් බල ප්‍රදේශයේ මෙම ඝාතනය සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

දෙදෙනා අතර එළදෙනක් සම්බන්ධයෙන් හටගත් ආරවුලක් දුරදිග ගොස් බෑනා විසින් තම සගයන් සමඟ එක්ව මාමණ්ඩියට පහර දී ඝාතනය කර ඇති බවයි ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් තොරතුරු වාර්තා කර තිබුණේ.

මෙම සම්බන්ධ ප්‍රධන සැකකරු එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, අනෙක් සැකකරුවන් සොයා විමර්ශන ආරම්භකර තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු සහ සිද්ධියට සම්බන්ධ අනෙකුත් පුද්ගලයින් සම්බන්ධයෙන් නීතිමය කටයුතු සිදු වෙමින් පවතින බවයි හසන්පූර් පොලිසියේ නිලධාරියෙක් මාධ්‍යට පවසා ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?