එලෝන් මස්ක්ගේ “X” සටහන බොහෝ දෙනෙකුගේ අවදානයට

අමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් හෝ උප ජනාධිපති කමලා හැරිස් ඝාතනය කිරීමට කිසිවෙකු විසින් උත්සාහ දරන බවට එලෝන් මස්ක් විසින් සමාජ මාධ්‍ය සටහනක් තබා තිබෙනවා.

විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ මස්ක් විසින් එම සටහන සමාජ මාධ්‍යයේ පළ කිරීමෙන් අනතුරුව සැනෙකින් ඉවත් කර ඇති අතර ඔහු එය විහිළු ක්‍රියාවක් ලෙසට අර්ථකතනය කර ඇති බවයි.

මස්ක්, ට්‍රම්ප්ගේ සගයෙක් වන බැවින් ඔහු එක්සත් ජනපද ජනාධිපති ලෙස දෙවන වරටත් ජයග්‍රහණය කළහොත් “රජයේ කාර්යක්ෂමතා කොමිසමක්” පවත්වාගෙන යාමට ලබාදෙන බවට පසුගිය දා ප්‍රකාශ කෙරුණා.

බොහෝ X මාධ්‍ය භාවිතා කරන්නන් මස්ගේ ප්‍රකාශයට විවේචන එල්ල කරන අතර ඇතැමුන් චෝදනා කරන්නේ, එම සටහන එක්සත් ජනපද ජනාධිපතිවරයා සහ උප ජනාධිපතිවරයා අතර ගැටුමක් ඇතිවීමට හේතුවක් විය හැකි බවයි.

ධවල මන්දිරය විසින් එම සටහන හෙළා දකින අතර එය වගකීම් විරහිත ප්‍රකාශයක් බව නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

මස්ක් විසින් බොහෝ විට බයිඩන් සහ හැරිස් යන දෙදෙනාට විවේචන එල්ල කරමින් සහ ට්‍රම්ප්ට සහාය දක්වමින් X පණිවිඩ බොහෝමයක් පළ කර ඇති බවයි තව දුරටත් විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
4
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මෙන්න හදිසියේම වෙනස්වන කාලගුණයේ උඩු යටිකුරුවෙන වෙනස..
04:02
Video thumbnail
ගම්මන්පිල ජනපතිට නඩු දාන්න සැරසෙයි..නඩු දස ලක්ෂයට මුහුණ දෙනවද? තමන්ට පුළුවන් දේ කරනවද?
11:01
Video thumbnail
අර්චුනා ඩයස්පෝරාව ගැන කියලා පාර්ලිමේන්තුවේ රත්වෙයි..චික්..! පාර්ලිමේන්තුවට එන්න මට හි#කිතයි
03:13
Video thumbnail
තමුන්ලගේ ජනාධිපති ගැන ලැජ්ජයි බන්..අර්චුනා සභාවේ ලෙසටම ෆයර්වෙයි
03:53
Video thumbnail
"මේ වරදට ජනාධිපතිව වසර 5ක් දක්වා හිරේට දාන්න පුළුවන්" ගම්මන්පිලගෙන් ප්‍රබල හෙළිදරව්වක්
13:29
Video thumbnail
ගංවතුර ආපදාව නිසා මි#ගිය සතුන්ගේ මස් මාංශ වෙළෙඳපොලට ඇවිත්?..මෙන්න රටම දෙදරා යන හෙළිදරව්වක්
05:45
Video thumbnail
සජිත් කළින්ම කිව්වනේ රටට මේ වගේ විපතක් වෙනවා කියලා..වටගල හදන්නේ හැමෝගෙම කටවල් වහන්න
03:43
Video thumbnail
රතු කට්ට පැන්න චානක හතර වටේටම දෙසයි..මගේ කැබ් එකේ සල්ලි ඔක්කොම සෞඛ්‍ය අමාත්‍යංශයට දෙන්න..
11:45
Video thumbnail
මවගෙන් වෙන්ව සිටි බිළිඳාව නැවත මව වෙතට ගෙන දුන් අපේ වීරයෝ
01:31
Video thumbnail
මුට්ට කරගහන එක නවත්තන්න..ඔයාලා විපක්ෂය නෙවෙයි..නලීන් පාර්ලිමේන්තුව දෙවනත් කරයි
14:42


?