එලොන් මස්ක්ගෙන් නව දේශපාලන පක්ෂයක්

එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ ඇති වූ ආරවුලෙන් සති කිහිපයකට පසු බිලියනපති ව්‍යාපාරික එලොන් මස්ක් නව දේශපාලන පක්ෂයක් දියත් කරන බව දැනුම් දී තිබෙනවා.

බිලියනපතියා තම සමාජ මාධ්‍ය වේදිකාව වන එක්ස් හි සඳහන් කළේ තමා ඇමරිකා පක්ෂය පිහිටුවා ඇති බවත් එය රිපබ්ලිකන් සහ ඩිමොක්‍රටික් ද්විපක්ෂ ක්‍රමයට අභියෝගයක් වනු ඇති බවයි.

කෙසේ වෙතත් විදෙස් වාර්තා සඳහන් කරන්නේ එම පක්ෂය, එක්සත් ජනපද මැතිවරණ බලධාරීන් සමඟ විධිමත් ලෙස ලියාපදිංචි කර තිබේද යන්න පැහැදිලි නොමැති බවයි.

තවද එය මෙහෙයවන්නේ කවුරුන්ද යන්න හෝ එය කුමන ස්වරූපයක් ගනීද යන්න පිළිබඳ විස්තර මස්ක් විසින් තවමත් සපයා නොමැති බවයි වාර්තා වන්නේ.

ට්‍රම්ප් සමඟ ඇතිවූ ප්‍රසිද්ධ ආරවුල අතරතුර මස්ක් මුලින්ම පක්ෂයක් දියත් කිරීමේ අපේක්ෂාව මතු කළ අතර, එමඟින් ඔහු පරිපාලනයේ ඔහුගේ භූමිකාව අතහැර ඔහුගේ හිටපු සගයා සමඟ දරුණු මහජන ආරවුලක නිරත වුණා.

2024 මැතිවරණයේදී මස්ක් ට්‍රම්ප්ගේ ප්‍රධාන උපදේශකයෙකු වූ අතර, ට්‍රම්ප්ට නැවත ධුරය ලබාගැනීමට උපකාර කිරීම සඳහා මස්ක් ඩොලර් මිලියන 250ක් මැතිවරණය වෙනුවෙන් වියදම් කරනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත්ව වට කරගෙන මිනිස්සු හඬා වැටෙයි
00:53
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ගෙන ආ ලෝක කුසලානය
01:07
Video thumbnail
"රජවරු කනෙන් අල්ලලා එළියට දාපු කණ්ඩායමක් ස්වාමීන් වහන්සේලා" අපිට ඉන්දියාවත් හොල්ලන්න පුළුවන්
11:20
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
02:56
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
03:18
Video thumbnail
ඉන්දියාවේ නිලාධාරින් බෝට්ටුවට ඇවිත් හොඳටම ග#ලා..ප#සට අයිසුත් ඔබලා..ඥාතීන් හඬා වැටෙයි
05:39
Video thumbnail
ගමින් ගමට වැඩසටහනට ගිය නාමල්ගෙන් සැර කතාවක්..ජනාධිපති බොරුවට චෙක් බෙදලා..ලැජ්ජා නැහැ
08:45
Video thumbnail
සියලුම බාධාවලට මුහුණ දීලා අපි ඉස්සරහට යනවා
06:07
Video thumbnail
කිසිම ආණ්ඩුවක් කරපු නැති දෙයක් අපි කළා
05:38
Video thumbnail
ඉපලෝගම OICගේ සිද්ධියේ හඬ පටයක් ලීක් වෙයි ?..මාලිමා මන්ත්‍රී OICගේ Drinking Partner ?
13:28


?