එරාමිකල් ජෙන්සික් පිරමීඩ වංචාව ගැන නියෝගයක් – මහමොළකරුවෝ තවදුරටත් හිරේ

එරාමිකල් ජෙනිසික්” නමැති වෙබ් අඩවියක් හරහා පිරමීඩාකාර මූල්‍ය ආයතනයක් පවත්වාගෙන යමින් තැන්පත්කරුවනන් 3000ට වැඩි පිරිසකගෙන් රුපියල් කෝටි 1000ට අධික මුදලක් වංචා කළ බව කියන සිද්ධියට සම්බන්ධ එම ආයතනයේ අධ්‍යක්ෂකවරුන් 14 දෙනකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කළ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා එම සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට රක්ෂිත බන්ධනාගාරගත කරන සිටින එම නීති විරෝධී මූල්‍ය සමාගමේ සභාපතිවරයා හා එහි අධ්‍යක්ෂිකාව ලබන ජනවාරි 9 දින දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කර තිබෙනවා.

කුරුණෑගල ප්‍රදේශයේ පදිංචි එරාමිකල් පෞද්ගලික සමාගමේ අධ්‍යක්ෂක රණසිංහ ආරච්චිගේ ධම්මික කුමාර රණසිංහ(55) සහ ඔහුගේ බිරිය ගාල්ලේ වඩුගේ සමුද්‍රා සුරංගනී හේමචන්ද්‍ර අඹු සැමි යුවළ එසේ තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියම කෙරුණා.

රක්ෂිත බන්ධනාගාරගත සැකකාර බිරිඳගේ කටහඬ ඇතුළත් හඬ පටයක් රජයේ රස පරීක්ෂකවරයා වෙත යවා ඇති බව ද සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් කොට්ඨාසය අධිකරණයට දැනුම්දුන්නා.

රක්ෂිත බන්ධනාගාරගත එම සැකකරුවන් දෙදෙනාගේ බැංකු වාර්තා කැඳවීමට ද පෙර නඩු වාරයේ දී අධිකරණයෙන් නියම කෙරුණා.

මෙම සිද්ධියට අදාළ මෙම සැකකරුවන් දෙදෙනා බන්ධනාගාර නිලධාරීන් විසින් අද අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.

මෙම සැකකරුවන්ට මේ වනවිට බැංකු ගිණුම් 25000 ක සංඛ්‍යාවක් තිබෙන බවත් තැන්පත්කරුවන් 3000 ට අධික පිරිසක් නීත්‍යානුකූල නොවන එම පිරමීඩාකාර මූල්‍ය ආයතනයට මුදල් ආයෝජන කර ඇති බව ද විමර්ශන නිලධාරීහු අධිකරණයට දැක්වූ කරුණුවලින් හෙළි වුණා.

මෙම ව්‍යාජ පිරමීඩ ජාවාරම් මගින් මේ වන විට කෝටි 200 මුදල් ප්‍රමාණයක් හුවමාරු වී ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු අධිකරණයට දැනුම්දුන්නා.

මුදල් වංචා කළ සැකකාර යුවළ කලක් විදේශගතව සිට පසුගියදා කටුනායක ගුවන් තොටුපලෙන් මෙරටට පැමිණි අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ඔවුන් අත්අඩංගුවට ගෙන තිබුණා.

ප්‍රධාන සැකකරුවන් දෙදෙනාට අමතරව මෙම පිරමීඩ ජාවාරම ලංකාවේ සිට මෙහෙයවනු ලැබූ තවත් සැකකරුවන් 68 දෙනෙක් සහ නායකයන් 30 දෙනෙකු මෙම සිද්ධියට සම්බන්ධව ඇති බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මෙන්න හදිසියේම වෙනස්වන කාලගුණයේ උඩු යටිකුරුවෙන වෙනස..
04:02
Video thumbnail
ගම්මන්පිල ජනපතිට නඩු දාන්න සැරසෙයි..නඩු දස ලක්ෂයට මුහුණ දෙනවද? තමන්ට පුළුවන් දේ කරනවද?
11:01
Video thumbnail
අර්චුනා ඩයස්පෝරාව ගැන කියලා පාර්ලිමේන්තුවේ රත්වෙයි..චික්..! පාර්ලිමේන්තුවට එන්න මට හි#කිතයි
03:13
Video thumbnail
තමුන්ලගේ ජනාධිපති ගැන ලැජ්ජයි බන්..අර්චුනා සභාවේ ලෙසටම ෆයර්වෙයි
03:53
Video thumbnail
"මේ වරදට ජනාධිපතිව වසර 5ක් දක්වා හිරේට දාන්න පුළුවන්" ගම්මන්පිලගෙන් ප්‍රබල හෙළිදරව්වක්
13:29
Video thumbnail
ගංවතුර ආපදාව නිසා මි#ගිය සතුන්ගේ මස් මාංශ වෙළෙඳපොලට ඇවිත්?..මෙන්න රටම දෙදරා යන හෙළිදරව්වක්
05:45
Video thumbnail
සජිත් කළින්ම කිව්වනේ රටට මේ වගේ විපතක් වෙනවා කියලා..වටගල හදන්නේ හැමෝගෙම කටවල් වහන්න
03:43
Video thumbnail
රතු කට්ට පැන්න චානක හතර වටේටම දෙසයි..මගේ කැබ් එකේ සල්ලි ඔක්කොම සෞඛ්‍ය අමාත්‍යංශයට දෙන්න..
11:45
Video thumbnail
මවගෙන් වෙන්ව සිටි බිළිඳාව නැවත මව වෙතට ගෙන දුන් අපේ වීරයෝ
01:31
Video thumbnail
මුට්ට කරගහන එක නවත්තන්න..ඔයාලා විපක්ෂය නෙවෙයි..නලීන් පාර්ලිමේන්තුව දෙවනත් කරයි
14:42


?