එරාමිකල් ජෙන්සික් පිරමීඩ වංචාව ගැන නියෝගයක් – මහමොළකරුවෝ තවදුරටත් හිරේ

එරාමිකල් ජෙනිසික්” නමැති වෙබ් අඩවියක් හරහා පිරමීඩාකාර මූල්‍ය ආයතනයක් පවත්වාගෙන යමින් තැන්පත්කරුවනන් 3000ට වැඩි පිරිසකගෙන් රුපියල් කෝටි 1000ට අධික මුදලක් වංචා කළ බව කියන සිද්ධියට සම්බන්ධ එම ආයතනයේ අධ්‍යක්ෂකවරුන් 14 දෙනකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කළ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා එම සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට රක්ෂිත බන්ධනාගාරගත කරන සිටින එම නීති විරෝධී මූල්‍ය සමාගමේ සභාපතිවරයා හා එහි අධ්‍යක්ෂිකාව ලබන ජනවාරි 9 දින දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කර තිබෙනවා.

කුරුණෑගල ප්‍රදේශයේ පදිංචි එරාමිකල් පෞද්ගලික සමාගමේ අධ්‍යක්ෂක රණසිංහ ආරච්චිගේ ධම්මික කුමාර රණසිංහ(55) සහ ඔහුගේ බිරිය ගාල්ලේ වඩුගේ සමුද්‍රා සුරංගනී හේමචන්ද්‍ර අඹු සැමි යුවළ එසේ තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියම කෙරුණා.

රක්ෂිත බන්ධනාගාරගත සැකකාර බිරිඳගේ කටහඬ ඇතුළත් හඬ පටයක් රජයේ රස පරීක්ෂකවරයා වෙත යවා ඇති බව ද සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් කොට්ඨාසය අධිකරණයට දැනුම්දුන්නා.

රක්ෂිත බන්ධනාගාරගත එම සැකකරුවන් දෙදෙනාගේ බැංකු වාර්තා කැඳවීමට ද පෙර නඩු වාරයේ දී අධිකරණයෙන් නියම කෙරුණා.

මෙම සිද්ධියට අදාළ මෙම සැකකරුවන් දෙදෙනා බන්ධනාගාර නිලධාරීන් විසින් අද අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.

මෙම සැකකරුවන්ට මේ වනවිට බැංකු ගිණුම් 25000 ක සංඛ්‍යාවක් තිබෙන බවත් තැන්පත්කරුවන් 3000 ට අධික පිරිසක් නීත්‍යානුකූල නොවන එම පිරමීඩාකාර මූල්‍ය ආයතනයට මුදල් ආයෝජන කර ඇති බව ද විමර්ශන නිලධාරීහු අධිකරණයට දැක්වූ කරුණුවලින් හෙළි වුණා.

මෙම ව්‍යාජ පිරමීඩ ජාවාරම් මගින් මේ වන විට කෝටි 200 මුදල් ප්‍රමාණයක් හුවමාරු වී ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු අධිකරණයට දැනුම්දුන්නා.

මුදල් වංචා කළ සැකකාර යුවළ කලක් විදේශගතව සිට පසුගියදා කටුනායක ගුවන් තොටුපලෙන් මෙරටට පැමිණි අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ඔවුන් අත්අඩංගුවට ගෙන තිබුණා.

ප්‍රධාන සැකකරුවන් දෙදෙනාට අමතරව මෙම පිරමීඩ ජාවාරම ලංකාවේ සිට මෙහෙයවනු ලැබූ තවත් සැකකරුවන් 68 දෙනෙක් සහ නායකයන් 30 දෙනෙකු මෙම සිද්ධියට සම්බන්ධව ඇති බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.11
00:00
Video thumbnail
පොලිස්පතිට මරණ තර්ජනය කරනවා නම් ඒක ගැන පරීක්ෂණය කරන්න ඕනේ
02:30
Video thumbnail
මේ ගෝත්‍රිකයින්ට රාජ්‍යයක් පාලනය කරන්න බෑ - පැලවත්තේ ආණ්ඩුවට බලය විතරයි ඕනි
09:02
Video thumbnail
විපක්ෂය වැරදි කරලා නැත්තම් බයවෙන්න ඕනේ නෑනේ
03:06
Video thumbnail
19ව හැවිරිදි තරුණයා එළොව යැවූ බිහිසුණු ඛේදවාචකය - "හෙල්මට් දාගෙන ගිහින් නෑ - කන්නෙත් නැතුව ගියේ"
01:53
Video thumbnail
උඹලා තණකොළ කෑවට අපි නම් බත් කන්නේ
07:53
Video thumbnail
කාන්තාවකගේ ගෙලේ තිබ්බ රන් මාලය කැ#ඩූ ඩබල - "අයියෝ..මෙන්න හොරෙක්..මාලේ අරන් ගියා"
01:44
Video thumbnail
පැය 3කට පසු නිශ්ශංක සේනාධිපති එළියට එයි
00:58
Video thumbnail
කොන්ක්‍රීට් කණු කඩාගෙන ගිය ලංගම බස් රථය
01:03
Video thumbnail
දුවන්න එපා ඔහොමම හිටපන් - වගුරු බිමක කරගෙන ගිය මත්පැන් නිෂ්පාදනාගාරයක්
01:30