ජෙෆ්රි එප්ස්ටයින් සමඟ තමන්ට කිසිදු සබඳතාවක් නොතිබූ බව ඇමරිකානු ජනාධිපති ආර්යා මෙලනියා ට්‍රම්ප් පවසනවා.
ධවල මන්දිරයේ දී ඊයේ (09) විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් මෙලනියා ට්‍රම්ප් මේ බව සඳහන් කළා.
අපරාධකරුවෙකු ලෙස වරදකරු වී මියගිය ජෙෆ්රි එප්ස්ටයින් සමඟ මෙලනියා ට්‍රම්ප් සමීප සබඳතා පැවති බවට විවිධ පුවත් සහ ප්‍රකාශ පසුගිය කාලයේ දී පැතිර ගියා.
විශේෂ ප්‍රකාශය සිදුකරමින් ඇය කියා සිටියේ තමන් සහ ජෙෆ්රි එප්ස්ටයින් සම්බන්ධ කරමින් සිදුකෙරෙන ප්‍රකාශ අදින් අවසන් විය යුතු බවයි.
“පැහැදිලිවම කිව්වොත් මම කිසි අවස්ථාවක එප්ස්ටයින් හෝ ඔහුගේ සහකාරිය (ගිස්ලේන්) මැක්ස්වෙල් සමඟ හිතවත්කමක් පවත්වා නෑ” යනුවෙන් මෙලනියා ට්‍රම්ප් පවසා සිටියා.
සෑම කාන්තාවකටම කොන්ග්‍රස් මණ්ඩලය ඉදිරියේ දිවුරුම් දී සාක්ෂි ලබාදීමට අවස්ථාව ලබාදිය යුතු බව මෙලානියා ට්‍රම්ප් මෙහිදී ප්‍රකාශ කළ අතර, එවිට පමණක් සත්‍යය දැනගත හැකි වනු ඇති බවයි ඇය පැවසුවේ.













