එප්පාවල ළමයෙක් පැහැරගත් බව කියූ පිරිසට ඇප

විදුලි කාර්මික ශිල්පියෙකු විසින් පැහැරගෙන ගිය බවට පැවසූ පාසල් සිසුවා කිසිදු ලිංගික අපයෝජනයකට ලක්ව නොමැති බවට තහවුරු වී තිබෙනවා.

ඒ අනුව දරුවා පැහැරගෙන යාමේ චෝදනා මත රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි සැකකරුවන් තුන්දෙනා ඇප මත මුදා හැරීමටයි තඹුත්තේගම මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළේ.

තලාව ප්‍රදේශයේ පදිංචි විදුලි කාර්මික ශිල්පියා, දරුවා රඳවාගෙන සිටි නිවසේ හිමිකරු සහ ඔහුගේ පියා මෙලෙස ඇප මත නිදහස් කර තිබෙනවා.

රුපියල් ලක්ෂයක බැඳුම්කරයක් මත මවට දරුවා භාරදී ඇති අතර ඔහු රැක බලා ගැනීමේ වගකීම පැවරී ඇත්තේ මවට බව ද මහේස්ත්‍රාත්වරයා අවධාරණය කර තිබෙනවා.

පියා විසින් මහණ කරවන බවට පැවසීම හේතුවෙනුයි එප්පාවල ගැටදිවුල ප්‍රදේශයේ පදිංචිව සිටි මෙම දරුවා ඊට බියවී පසුගියදා නිවසින් පළාගොස් තිබුණේ.

එප්පාවල ගැටදිවුල ප්‍රදේශයේ පදිංචි 09 හැවිරිදි පිරිමි දරුවා රිකිල්ලගස්කඩ ජොන්ස්ලන්ඩ් වතුයායේ නිවසක සිටියදී සොයා ගැනීමට එප්පාවල පොලිස් ස්ථානයේ නිළධාරීන් කණ්ඩායමකට පසුගියදා හැකිවුණා.

මෙලෙස පැහැර ගැනීමට ලක් වූයේ නව හැවිරිදි පිරිමි දරුවෙක්. ඔහු කිරලෝගම සුබෝධි මහා විද්‍යාලයේ සිව් වන වසරේ ඉගෙනුම ලබනවා.

මෙම සිසුවා එම ප්‍රදේශයේ විදුලි කාර්මික ශිල්පි ආයතනයක් පවත්වාගෙන ගිය විදුලි කාර්මික ශිල්පියකු සමඟ මීට මාස කීපයක සිට සමීප ඇසුරක් තිබූ බවත්, අදාළ විදුලි කාර්මිකයා දරුවා රවටා පැහැර ගෙන යන්නට ඇති බවට සැක කරන බවටයි දරුවාගේ දෙමාපියන් එප්පාවල පොලිසියට පසුගිය දෙසැම්බර් මස 19 වැනි දින රාත්‍රියේ පැමිණිලි කර තිබුණේ.

තම දරුවා පැහැරගෙන ගොස් ඇත්තේ දරුවා සමීපව ඇසුරු කළ ප්‍රදේශයේ විදුලි කාර්මිකයකු වන 45 හැවිරිදි අයෙක් බවත්, ඔහු දරුවා රවටා රැගෙන යන්නට ඇති බවට සැකකරන බවටත් දරුවාගේ මව සහ හමුදා සෙබලකු වන දරුවාගේ පියා ද මේ සම්බන්ධයෙන් එප්පාවල පොලීසියට සිදු කළ පැමිණිල්ලෙහි සඳහන්.

ඒ අනුව පොලිසීය වහාම ක්‍රියාත්මක වී පරීක්ෂණ ආරම්භ කළ අතර, ඒ අනුව සිදු කළ පරීක්ෂණවලදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

අත්අඩංගුවට ගත් විදුලි කාර්මිකයා එප්පාවල ප්‍රාදේශීය රෝහලේ වෛද්‍යවරයකු වෙත යොමු කර වෛද්‍ය පරීක්ෂණයකට යොමු කළ අතර, එප්පාවල පොලිස් ස්ථානයේ කාන්තා හා ළමා කාර්යංශයේදී දරුවාගේ ප්‍රකාශයක් සටහන් කර ගැනීම සිදු කර තිබුණා.

ඒ අනුව 19 වැනි දින රාත්‍රියේ නිවසින් රහසින් පිටත්වී, මාමාගේ (විදුලි කාර්මික ශිල්පියාගේ) කඩය අසලට පැමිණ ඔහුගේ ත්‍රී රෝද රථයට නැඟ සැඟවී සිටි බවයි දරුවා ප්‍රකාශ කර ඇත්තේ.

තමාව මහණ කරන බවට දෙමාපියන් පැවසූ නිසා, මහණ වීමට අකමැති බැවින්, ගෙදර හිටියොත් මාව මහණ කරයි, ඒ නිසා මාව ඈතකට එක්ක යන ලෙස මාමාට (විදුලි කාර්මික ශිල්පියා) ඉල්ලා සිටි බව ද ඔහු සඳහන් කර තිබෙනවා.

“ඊට පස්සේ නාවුල හා මාතලේ ප්‍රදේශයේ පිහිටි මාමාගේ නෑදෑ ගෙවල් වලට ගිහින් පස්සේ රිකිල්ලගස්කඩට ගියා, රිකිල්ලගස්කඩින් මගේ කොණ්ඩෙත් කැපුවා, මාව හොයනවා කියලා මම ටී.වී එකෙනුත් දැක්කා.ඒත් මට ගෙදර එන්න හිතුනේ නෑ” යැයිද දරුවා පවසා තිබෙනවා.

දරුවා පැහැරගත් විදුලි කාර්මිකයා ද පොලීසිය වෙත ප්‍රකාශ කර ඇත්තේ, තමා දරුවාට කිසිදු කරදරයක් කර නොමැති බවත්, තමාගේම දරුවකු මෙන් දරුවා බලා ගත් බවයි.

දරුවා තමන්ට ඇවිටිලි කරමින් “ගෙදර ඉන්න බෑ, ඔයා මට උදව් නොකලොත් මං සියදිවි හානි කර ගන්නවා” ඒ නිසා දරුවාගේ ඉල්ලීමට මං දරුවාට ආදරේට, එයාව අරගෙන ගියේ” යනුවෙන් ඔහු හෙළිකර තිබෙනවා.

ඔවුන්ට නවාතැන් දුන් පුද්ගලයාගෙන්ද ප්‍රකාශ සටහන් කර ගෙන ඇති අතර, ඔහු ප්‍රකාශ කර ඇත්තේ තමාගේ පියා තලාව ප්‍රදේශයේ ආපන ශාලාවක කොත්තු බාස්වරයකු ලෙස කටයුතු කළ බවත්, එහිදී හදුනාගත් ප්‍රියන්ත නම් පුද්ගලයා හා දරුවාද සමඟ තම පියා පසුගිය 21 නිවසට පැමිණි බවයි.

එම දරුවා තමන්ගේ දරුවා බවද, බිරිඳ විදේශගතව සිටින බවද පවසා නිවසේ නතර වීමට ඉල්ලා සිටි බව එම පුද්ගලයා ප්‍රකාශ කර තිබෙනවා.

තම නිවස ඉදි කරමින් පවතින අතර, එහි විදුලි පද්ධතිය සකස් කිරීමද ප්‍රියන්ත නැමැත්තා පසුගිය දිනවල සිදු කළ බවද නවාතැන් දුන් නිවසේ හිමිකරු පවසා ඇති බවයි අප වාර්තාකරුවන් කියාසිටියේ.

මෙම දරුවා පැහැර ගෙන පැමිණි දරුවකු බව තමන් නොදන්නා බවද, රූපවාහිනියෙන් හෝ මෙම සිද්ධිය සම්බන්ධයෙන් දැනුම්වත් නොවුන බවද ඔහු වැඩිදුරටත් පවසා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කවුද මේවට අවසර දුන්නේ.. ජනාධිපතිතුමා සැර වෙයි
09:01
Video thumbnail
රටේ ව්‍යවසනයන් අතර ජාවාරම්කාරයන් ගැන අපි මෙහෙයුම් කළා..නාකොටික් DIG සියල්ල හෙළිකරයි
03:57
Video thumbnail
සජිත් ආණ්ඩුවට දෙහි කපයි
11:00
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා  "වීරා"
00:36
Video thumbnail
බදුල්ල මඩකලපුව A5 මාර්ගය මිල්ලබැද්ද ප්‍රදේශයෙන් ගිලා බසියි..මුළු පාරම ඉවරයි..හැම තැනම ඉරිතලලා
03:22
Video thumbnail
විපතට පත් වූවන් සජිත් ළඟ දුක කියා හඬා වැටෙයි
04:09
Video thumbnail
ගංවතුරෙන් නිවාස ය#වීම නිසා කොටිකාවත්ත ගම්මු දැඩි අසරණවෙයි..සුද්ද කරන්න සුමාන දෙකක්වත් යයි
03:55
Video thumbnail
වෛද්‍යවරුන්ගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
13:27
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06


?