එප්පාවල ළමයෙක් පැහැරගත් බව කියූ පිරිසට ඇප

විදුලි කාර්මික ශිල්පියෙකු විසින් පැහැරගෙන ගිය බවට පැවසූ පාසල් සිසුවා කිසිදු ලිංගික අපයෝජනයකට ලක්ව නොමැති බවට තහවුරු වී තිබෙනවා.

ඒ අනුව දරුවා පැහැරගෙන යාමේ චෝදනා මත රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි සැකකරුවන් තුන්දෙනා ඇප මත මුදා හැරීමටයි තඹුත්තේගම මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළේ.

තලාව ප්‍රදේශයේ පදිංචි විදුලි කාර්මික ශිල්පියා, දරුවා රඳවාගෙන සිටි නිවසේ හිමිකරු සහ ඔහුගේ පියා මෙලෙස ඇප මත නිදහස් කර තිබෙනවා.

රුපියල් ලක්ෂයක බැඳුම්කරයක් මත මවට දරුවා භාරදී ඇති අතර ඔහු රැක බලා ගැනීමේ වගකීම පැවරී ඇත්තේ මවට බව ද මහේස්ත්‍රාත්වරයා අවධාරණය කර තිබෙනවා.

පියා විසින් මහණ කරවන බවට පැවසීම හේතුවෙනුයි එප්පාවල ගැටදිවුල ප්‍රදේශයේ පදිංචිව සිටි මෙම දරුවා ඊට බියවී පසුගියදා නිවසින් පළාගොස් තිබුණේ.

එප්පාවල ගැටදිවුල ප්‍රදේශයේ පදිංචි 09 හැවිරිදි පිරිමි දරුවා රිකිල්ලගස්කඩ ජොන්ස්ලන්ඩ් වතුයායේ නිවසක සිටියදී සොයා ගැනීමට එප්පාවල පොලිස් ස්ථානයේ නිළධාරීන් කණ්ඩායමකට පසුගියදා හැකිවුණා.

මෙලෙස පැහැර ගැනීමට ලක් වූයේ නව හැවිරිදි පිරිමි දරුවෙක්. ඔහු කිරලෝගම සුබෝධි මහා විද්‍යාලයේ සිව් වන වසරේ ඉගෙනුම ලබනවා.

මෙම සිසුවා එම ප්‍රදේශයේ විදුලි කාර්මික ශිල්පි ආයතනයක් පවත්වාගෙන ගිය විදුලි කාර්මික ශිල්පියකු සමඟ මීට මාස කීපයක සිට සමීප ඇසුරක් තිබූ බවත්, අදාළ විදුලි කාර්මිකයා දරුවා රවටා පැහැර ගෙන යන්නට ඇති බවට සැක කරන බවටයි දරුවාගේ දෙමාපියන් එප්පාවල පොලිසියට පසුගිය දෙසැම්බර් මස 19 වැනි දින රාත්‍රියේ පැමිණිලි කර තිබුණේ.

තම දරුවා පැහැරගෙන ගොස් ඇත්තේ දරුවා සමීපව ඇසුරු කළ ප්‍රදේශයේ විදුලි කාර්මිකයකු වන 45 හැවිරිදි අයෙක් බවත්, ඔහු දරුවා රවටා රැගෙන යන්නට ඇති බවට සැකකරන බවටත් දරුවාගේ මව සහ හමුදා සෙබලකු වන දරුවාගේ පියා ද මේ සම්බන්ධයෙන් එප්පාවල පොලීසියට සිදු කළ පැමිණිල්ලෙහි සඳහන්.

ඒ අනුව පොලිසීය වහාම ක්‍රියාත්මක වී පරීක්ෂණ ආරම්භ කළ අතර, ඒ අනුව සිදු කළ පරීක්ෂණවලදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

අත්අඩංගුවට ගත් විදුලි කාර්මිකයා එප්පාවල ප්‍රාදේශීය රෝහලේ වෛද්‍යවරයකු වෙත යොමු කර වෛද්‍ය පරීක්ෂණයකට යොමු කළ අතර, එප්පාවල පොලිස් ස්ථානයේ කාන්තා හා ළමා කාර්යංශයේදී දරුවාගේ ප්‍රකාශයක් සටහන් කර ගැනීම සිදු කර තිබුණා.

ඒ අනුව 19 වැනි දින රාත්‍රියේ නිවසින් රහසින් පිටත්වී, මාමාගේ (විදුලි කාර්මික ශිල්පියාගේ) කඩය අසලට පැමිණ ඔහුගේ ත්‍රී රෝද රථයට නැඟ සැඟවී සිටි බවයි දරුවා ප්‍රකාශ කර ඇත්තේ.

තමාව මහණ කරන බවට දෙමාපියන් පැවසූ නිසා, මහණ වීමට අකමැති බැවින්, ගෙදර හිටියොත් මාව මහණ කරයි, ඒ නිසා මාව ඈතකට එක්ක යන ලෙස මාමාට (විදුලි කාර්මික ශිල්පියා) ඉල්ලා සිටි බව ද ඔහු සඳහන් කර තිබෙනවා.

“ඊට පස්සේ නාවුල හා මාතලේ ප්‍රදේශයේ පිහිටි මාමාගේ නෑදෑ ගෙවල් වලට ගිහින් පස්සේ රිකිල්ලගස්කඩට ගියා, රිකිල්ලගස්කඩින් මගේ කොණ්ඩෙත් කැපුවා, මාව හොයනවා කියලා මම ටී.වී එකෙනුත් දැක්කා.ඒත් මට ගෙදර එන්න හිතුනේ නෑ” යැයිද දරුවා පවසා තිබෙනවා.

දරුවා පැහැරගත් විදුලි කාර්මිකයා ද පොලීසිය වෙත ප්‍රකාශ කර ඇත්තේ, තමා දරුවාට කිසිදු කරදරයක් කර නොමැති බවත්, තමාගේම දරුවකු මෙන් දරුවා බලා ගත් බවයි.

දරුවා තමන්ට ඇවිටිලි කරමින් “ගෙදර ඉන්න බෑ, ඔයා මට උදව් නොකලොත් මං සියදිවි හානි කර ගන්නවා” ඒ නිසා දරුවාගේ ඉල්ලීමට මං දරුවාට ආදරේට, එයාව අරගෙන ගියේ” යනුවෙන් ඔහු හෙළිකර තිබෙනවා.

ඔවුන්ට නවාතැන් දුන් පුද්ගලයාගෙන්ද ප්‍රකාශ සටහන් කර ගෙන ඇති අතර, ඔහු ප්‍රකාශ කර ඇත්තේ තමාගේ පියා තලාව ප්‍රදේශයේ ආපන ශාලාවක කොත්තු බාස්වරයකු ලෙස කටයුතු කළ බවත්, එහිදී හදුනාගත් ප්‍රියන්ත නම් පුද්ගලයා හා දරුවාද සමඟ තම පියා පසුගිය 21 නිවසට පැමිණි බවයි.

එම දරුවා තමන්ගේ දරුවා බවද, බිරිඳ විදේශගතව සිටින බවද පවසා නිවසේ නතර වීමට ඉල්ලා සිටි බව එම පුද්ගලයා ප්‍රකාශ කර තිබෙනවා.

තම නිවස ඉදි කරමින් පවතින අතර, එහි විදුලි පද්ධතිය සකස් කිරීමද ප්‍රියන්ත නැමැත්තා පසුගිය දිනවල සිදු කළ බවද නවාතැන් දුන් නිවසේ හිමිකරු පවසා ඇති බවයි අප වාර්තාකරුවන් කියාසිටියේ.

මෙම දරුවා පැහැර ගෙන පැමිණි දරුවකු බව තමන් නොදන්නා බවද, රූපවාහිනියෙන් හෝ මෙම සිද්ධිය සම්බන්ධයෙන් දැනුම්වත් නොවුන බවද ඔහු වැඩිදුරටත් පවසා තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39
Video thumbnail
පාවහන් එකලස් කිරීමේ මධ්‍යස්ථානයක් වටලයි - චීනෙන් ගෙනල්ලා වගේ රවටලා
04:20
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.11
08:07:02
Video thumbnail
දිවුලපිටියේ වේගවත් සංවර්ධනය ගැන මාලිමා සභාපති හෙළිකරයි - ජාවාරම්කාරයන් බහුල වුණ ප්‍රදේශයක් තිබුණේ
03:56
Video thumbnail
දළඳා වහන්සේ තැන්පත් කිරීමට ලැබුණ ස්වර්ණමය කරඬුව ගැන විශේෂ ප්‍රකාශයක්
01:36
Video thumbnail
අර්චුනා ආණ්ඩුවට දැම්ම සැර හින්ට් එක ? අඩිය ගහන්නෙත් නෑ අපි එක්ක බොන්න එන්නෙත් නෑ
00:42
Video thumbnail
සජබය හොයාගෙන ආ ප්‍රබලයින් - 22කට එරෙහිව ලොකු වැඩක් කරන්න යන්නේ
01:05
Video thumbnail
අපි 23 වෙනිදා කොළඹට ලක්ෂයක් ගේනවා..මෛත්‍රී ගුණරත්න කියයි
02:33
Video thumbnail
ලංකාවේ රජ කළ පාතාලය වෙන රටවලට දිව්වේ අපේ ආණ්ඩු කාලයේ - හැම රජයක්ම පාතාල කල්ලි කුදලන් ආවා
02:58