AFC Banner
Empty Ad
Empty Ad

එන්නත් නොලැබුණු ජනතාවට පොලීසියෙන් එල්ලවූ බැටන් ප්‍රහාර සිද්ධියේ ඇතුල් පැත්ත

කොවිඩ් මර්දන එන්නත් ලබාගැනීමට පැමිණ සිටි ප්‍රදේශවාසීන්ට වැලිගමදී පොලීසිය විසින් බැටන් ප්‍රහාර එල්ල කළ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බව සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පැවසීය.

කැබිනට් තීරණ දැනුම්දීමේ අද (07) පැවැති මාධ්‍ය හමුවේදී ඔහු සඳහන් කළේ එම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කිරීමට අමාත්‍ය සරත් වීරසේකර මහතා කටයුතු කර ඇති බවය.

මාතර, වැලිගම, ගල්බොක්ක ප්‍රදේශයේදී පසුගිය 01 වනදා එම සිද්ධිය ඇතිවී තිබුණි.

එදින එම මධ්‍යස්ථානයට රැගෙනවිත් තිබූ එන්නත් මාත්‍රා ප්‍රමාණය අවසන්වීම හේතුවෙන් එන්නත්කරණ කටයුතුවලට බාධා එල්ලවී  ඇත.

එන්නත් අවසන් වූ බව දැනුම් දී තිබුණත් ජනතාව දිගින් දිගටම එහි රැඳීසිටීම නිසා පසුව පොලීසිය කැඳවීම සිදුවිය.

ඒ අනුව එම ස්ථානයට පැමිණි වැලිගම පොලීසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් ගම්වාසීන් ඉවත්කිරීමට  කටයුතු කර තිබුණි.

එහිදී ඇතැම් පිරිස් පොලිසියේ බැටන් ප්‍රහාරයන්ට ලක්වන අයුරුද දැකගත හැකිවිය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?