AFC Banner
AFC Banner
Empty Ad

එන්නත් කාඩ්පත බලන්න කිව්වොත් අපි සූදානම්… : පුද්ගලික බස් හිමියෝ

පොදු ප්‍රවාහනයේදි කොවිඩ් එන්නත්කරණ කාඩ්පත අනිවාර්ය කිරීමට ප්‍රවාහන අමාත්‍යංශය ඉදිරියේදී පියවර ගතහොත් එය ක්‍රියාත්මක කිරීමට සූදානම් බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය අවධාරණය කරනවා.

කෙසේ නමුත් පවතින වසංගත තත්වය හමුවේ පොදු ප්‍රවාහනයේ ගමන් කරන මගීන් ධාරිතාව පිළිබදව නිසි නියාමනයක් නොමැති වීම ගැටලුවක් වී ඇති බවයි ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා කියා සිටියේ.

අනෙකුත් නියාමන කටයුතුවලින් තොරව එන්නත්කරණ කාඩ්පත පමණක් පොදු ප්‍රවාහනයේදී අනිවාර්ය කිරීම ප්‍රායෝගික නොවන බවද ඔහු පෙන්වා දුන්නා.

පොදු ප්‍රවාහනයේදී එන්නකරණ කාඩ්පත අනිවාර්ය කරන ලෙස සෞඛ්‍ය අංශවලින් දැනුවත් කිරීමක් කළහොත් ප්‍රවාහන අමාත්‍යංශය එය ක්‍රියාත්මක කරන බවට අමාත්‍ය දිලුම් අමුණුගම මහතා ඊයේ සිදුකළ ප්‍රකාශයට පිළිතුරු දෙමිනුයි ගැමුණු විජේරත්න මහතා මේ බව කියා සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?