එන්නත් කාඩ්පත බලන්න කිව්වොත් අපි සූදානම්… : පුද්ගලික බස් හිමියෝ

පොදු ප්‍රවාහනයේදි කොවිඩ් එන්නත්කරණ කාඩ්පත අනිවාර්ය කිරීමට ප්‍රවාහන අමාත්‍යංශය ඉදිරියේදී පියවර ගතහොත් එය ක්‍රියාත්මක කිරීමට සූදානම් බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය අවධාරණය කරනවා.

කෙසේ නමුත් පවතින වසංගත තත්වය හමුවේ පොදු ප්‍රවාහනයේ ගමන් කරන මගීන් ධාරිතාව පිළිබදව නිසි නියාමනයක් නොමැති වීම ගැටලුවක් වී ඇති බවයි ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා කියා සිටියේ.

අනෙකුත් නියාමන කටයුතුවලින් තොරව එන්නත්කරණ කාඩ්පත පමණක් පොදු ප්‍රවාහනයේදී අනිවාර්ය කිරීම ප්‍රායෝගික නොවන බවද ඔහු පෙන්වා දුන්නා.

පොදු ප්‍රවාහනයේදී එන්නකරණ කාඩ්පත අනිවාර්ය කරන ලෙස සෞඛ්‍ය අංශවලින් දැනුවත් කිරීමක් කළහොත් ප්‍රවාහන අමාත්‍යංශය එය ක්‍රියාත්මක කරන බවට අමාත්‍ය දිලුම් අමුණුගම මහතා ඊයේ සිදුකළ ප්‍රකාශයට පිළිතුරු දෙමිනුයි ගැමුණු විජේරත්න මහතා මේ බව කියා සිටියේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජගත්ට යකා වැහෙයි..සංජයගෙයි, නිරුක්ෂගෙයි පැටිකිරිය හෙළිකරයි - මුන් මේ හොරු ටිකක් - රෙදි ග#වනවා මුන්ගේ
04:36
Video thumbnail
පොහොට්ටු රැළිය ගැන නලින්ද සැරටම කියයි - අපිට මේ රැස්වීම අභියෝගයක් වෙන්නේ නෑ
02:58
Video thumbnail
රත්නපුරයේ ප්‍රථම ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථානයට මුල්ගල තියන්න ගිය නලින්ද
04:29
Video thumbnail
භූමිතෙල් දාලා ධාවනය කළ බස් රථ රියදුරන් දෙදෙනෙකු පොලිසියෙන් කුදලන් එයි
00:33
Video thumbnail
දෙහිවල බෝ#බ ප්‍ර#හාරයෙන් අවසන් ගමන් ගිය පුංචි පුතුන් දෙදෙනාගේ දේහය නිවසට
02:53
Video thumbnail
පොලිස්පතිට චීත්තේ අන්දන්න ඕනේ - අනුරගේ නහයත් දැන් දික්වෙනවා
23:35
Video thumbnail
පොහොට්ටුවේ රැළිය ගැන ජනාධිපති සැරටම කිව්ව දේ..
01:17
Video thumbnail
මතක තියාගන්න අනුර කුමාර
01:05
Video thumbnail
මහින්දට බැහැලා යන්නත් ඉඩ නෑ
01:41
Video thumbnail
අර්චුනාගේ කතාව අහපු හැමෝටම හිනා
02:51