එජාපයේ ජනපති අපේක්ෂකයාගේ නම ඒකමතිකව ස්ථිර වෙයි

ඉදිරි ජනාධිපතිවරණයකදී එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බවට වන යෝජනාවක් එම පක්ෂය විසින් සම්මත කරගෙන තිබෙනවා.

ඉදිරි ජනාධිපතිවරණය අරමුණු කර ගනිමින් එම පක්ෂය අද ගාල්ල නගර ශාලාවේදී සංවිධාන කර තිබූ ආසන බල මණ්ඩල සමුලුවේදීයි.

අප වාර්තාකරුවන් සඳහන් කළේ එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් රැසක් මෙම සමුලුවට එක්ව සිටි බවයි.

මෙම සමුලුවේදී එළඹෙන ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයෙන් තරග වදින අපේක්ෂකයා ලෙසට වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නම යෝජනා කරනු ලැබුවේ නාගොඩ ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති චන්ද්‍රා සහබන්දු මහතා විසින්.

වෙනත් යෝජනා කිසිවක් නොමැති බැවින් එම යෝජනාව ඒකමතිකව පිළිගන්නා බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන සඳහන් කළේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනාධිපතිවරණයේ දී සියලු පක්ෂවල එකඟතාවයෙන් ජාතික නායකයෙකු ලෙස ඉදිරිපත් විය යුතු බවට මෙහිදී යෝජනාවක් ද සම්මත කර ගැනුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
4
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34