spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

එජාපයේ ජනපති අපේක්ෂකයාගේ නම ඒකමතිකව ස්ථිර වෙයි

ඉදිරි ජනාධිපතිවරණයකදී එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බවට වන යෝජනාවක් එම පක්ෂය විසින් සම්මත කරගෙන තිබෙනවා.

ඉදිරි ජනාධිපතිවරණය අරමුණු කර ගනිමින් එම පක්ෂය අද ගාල්ල නගර ශාලාවේදී සංවිධාන කර තිබූ ආසන බල මණ්ඩල සමුලුවේදීයි.

අප වාර්තාකරුවන් සඳහන් කළේ එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් රැසක් මෙම සමුලුවට එක්ව සිටි බවයි.

මෙම සමුලුවේදී එළඹෙන ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයෙන් තරග වදින අපේක්ෂකයා ලෙසට වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නම යෝජනා කරනු ලැබුවේ නාගොඩ ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති චන්ද්‍රා සහබන්දු මහතා විසින්.

වෙනත් යෝජනා කිසිවක් නොමැති බැවින් එම යෝජනාව ඒකමතිකව පිළිගන්නා බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන සඳහන් කළේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනාධිපතිවරණයේ දී සියලු පක්ෂවල එකඟතාවයෙන් ජාතික නායකයෙකු ලෙස ඉදිරිපත් විය යුතු බවට මෙහිදී යෝජනාවක් ද සම්මත කර ගැනුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
4
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?