එජාපයෙන් ජනපති ඉවත් ව පොහොට්ටුවට එනවනම්; සලකා බලනවා – සාගර කියයි (වීඩියෝ)

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් වී පොදුජන පෙරමුණේ පක්ෂ සාමාජිකත්වය ලබා ගන්නේ නම්, ජනාධිපතිවරණ අපේක්ෂකත්වය ලබාදීම සම්බන්ධයෙන් සලකා බැලිය හැකි බව, එම පක්ෂයේ මහ ලේකම් සාගර කාරියවසම් පවසනවා.

ඒ මහතා මේ බව කියා සිටියේ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ දී පැවැති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

මහජන එක්සත් පෙරමුණ සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර සාකච්ඡාවක් ඊයේ (02) පස්වරුවේ පැවැත්වුණා.

එම සාකච්ඡාව සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් එහි නිර්මාතෘ බැසිල් රාජපක්ෂ ඇතුළු පක්ෂයේ නිලධාරීන් මෙන්ම මහජන එක්සත් පෙරමුණේ නායක අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සහ එහි නිලධාරීන් පිරිසක් සහභාගී වුණා.

පවතින සහ ඉදිරි දේශපාලන කටයුතු රැසක් සම්බන්ධයෙන් මෙහිදී, දෙපාර්ශ්වය අතර, සාකච්ඡා සිදුකර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?