එජාපයට නව ව්‍යවස්ථාවක්

අනාගතයට සරිලන ලෙස පක්ෂ ව්‍යවස්ථාව සංශෝධනය කළ බව එක්සත් ජාතික පක්ෂයේ නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේ පැවති එක්සත් ජාතික පක්ෂ විශේෂ සම්මේලනයට එක් වෙමිනුයි ජනාධිපතිවරයා මේ බව කියාසිටියේ.

පක්ෂයේ අනුමැතිය සහිතව මාර්ගගත සංවිධාන ඇති කිරීම, පක්ෂයේ නායකයා පත් කිරීමේ බලය කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් විධායක සභාවකට පැවරීම, පක්ෂය පිළිබඳ විශේෂ තීරණ ගැනීම සඳහා උත්තරීතර මණ්ඩලයක් පත් කිරීම යන යෝජනා ඊට අයත්.

නව ව්‍යවස්ථාවට ඇති එකඟත්වය සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැමිණ සිටි පිරිසගෙන් විමසීමක් සිදු කළ අතර ඊට කිසිවෙකු හෝ විරෝධතාවය පළ කළේ නැහැ. ඒ අනුව අදාළ යෝජනා සම්මත කරන බවයි ඔහු සඳහන් කළේ.

1946 සැප්තැම්බර් 06 වන දින එක්සත් ජාතික පක්ෂය ආරම්භ කෙරුණේ මහාමාන්‍ය ඩී.එස්.සේනානායක මහතාගේ නායකත්වයෙන්. එතැන් පටන් අද දක්වා විවිධ නායකයින් යටතේ එක්සත් ජාතික පක්ෂය මෙරට දේශපාලනය තුළ ප්‍රධානතම සලකුණක් බවට පත්වුණා.

රාජ්‍ය නායකයන් ඇතුළු ප්‍රධාන පෙලේ දේශපාලන නායකයන් රැසක් බිහිකිරීමට එදා මෙදා තුර එක්සත් ජාතික පක්ෂය සමත් වී තිබෙනවා.

අද පැවති පක්ෂ විශේෂ සම්මේලනයේ තේමාව වන්නේ “Smart Country – ජයගමු 2048 යන්නයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති විශේෂ සම්මේලනයේ පිළිගැනීමේ කතාව සිදු කළේ එක්සත් ජාතික පක්ෂ කොළඹ දිස්ත්‍රික් නායක හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතායි.

සම්මේලනය කැඳවීමේ ලිපිය කියවීම පක්ෂයේ මහලේකම් හා හිටපු අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා සිදු කළා. පක්ෂයේ තවත් ප්‍රධානීන් කිහිප දෙනෙකුම මෙහිදී අදහස් දැක්වුවා.

විශේෂ සම්මේලනය ඇමතූ පක්ෂයේ නායක හා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියේ ස්මාර්ට් රටට ප්‍රථම ස්මාර්ට් පක්ෂයක් ඇති කළ යුතු බවයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව එළඹෙන 2024 වසරේදී ජනාධිපතිවරණය පැවැත්වෙන බව ද ජනාධිපතිවරයා ප්‍රකාශ කළා.

ඉන් අනතුරුව මහ මැතිවරණයක් පැවැත්වෙන බවයි ජනාධිපතිවරයා එක්සත් ජාතික පක්ෂ සම්මේලනය අමතමින් කියාසිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
8
+1
2
+1
0
+1
2
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතාව අස්සේ අර්චුනාට ආ කෑම ප්‍රශ්නය.."මොන මඟුල් පාර්ලිමේන්තුවක්ද මේක..කෑම නෑ පාර්ලිමේන්තුවේ
01:19
Video thumbnail
"මෙරට සිදුවූ සෑම ව්‍යසනයකදීම සාක්ෂිකාරයින් වුණේ පොලිසිය"වැටිච්ච තැනින් නැගිටින්න මේ හොඳම අවස්ථාව
10:21
Video thumbnail
විමල් වීරවංශ අපේ නායකයා හිටියනම් අද එක්කෝ ජනාධිපති නැත්තම් අගමැති වෙන්න තිබුණා
10:22
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13
Video thumbnail
අජිත්ගේ අධි නීතිඥකමක් නිසා සජිත් හර්ෂණ පාර්ලිමේන්තුවේ රත්වෙයි.."රටේ අධි නීතිඥ කියලා තනතුරක් නෑ"
03:46
Video thumbnail
පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ රාජපක්ෂලා..වැස්ස නවත්තන්න ඇයි අනුර, වැහි දෙයියො ද ?
10:37


?