එජාපයට නව ව්‍යවස්ථාවක්

අනාගතයට සරිලන ලෙස පක්ෂ ව්‍යවස්ථාව සංශෝධනය කළ බව එක්සත් ජාතික පක්ෂයේ නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේ පැවති එක්සත් ජාතික පක්ෂ විශේෂ සම්මේලනයට එක් වෙමිනුයි ජනාධිපතිවරයා මේ බව කියාසිටියේ.

පක්ෂයේ අනුමැතිය සහිතව මාර්ගගත සංවිධාන ඇති කිරීම, පක්ෂයේ නායකයා පත් කිරීමේ බලය කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් විධායක සභාවකට පැවරීම, පක්ෂය පිළිබඳ විශේෂ තීරණ ගැනීම සඳහා උත්තරීතර මණ්ඩලයක් පත් කිරීම යන යෝජනා ඊට අයත්.

නව ව්‍යවස්ථාවට ඇති එකඟත්වය සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැමිණ සිටි පිරිසගෙන් විමසීමක් සිදු කළ අතර ඊට කිසිවෙකු හෝ විරෝධතාවය පළ කළේ නැහැ. ඒ අනුව අදාළ යෝජනා සම්මත කරන බවයි ඔහු සඳහන් කළේ.

1946 සැප්තැම්බර් 06 වන දින එක්සත් ජාතික පක්ෂය ආරම්භ කෙරුණේ මහාමාන්‍ය ඩී.එස්.සේනානායක මහතාගේ නායකත්වයෙන්. එතැන් පටන් අද දක්වා විවිධ නායකයින් යටතේ එක්සත් ජාතික පක්ෂය මෙරට දේශපාලනය තුළ ප්‍රධානතම සලකුණක් බවට පත්වුණා.

රාජ්‍ය නායකයන් ඇතුළු ප්‍රධාන පෙලේ දේශපාලන නායකයන් රැසක් බිහිකිරීමට එදා මෙදා තුර එක්සත් ජාතික පක්ෂය සමත් වී තිබෙනවා.

අද පැවති පක්ෂ විශේෂ සම්මේලනයේ තේමාව වන්නේ “Smart Country – ජයගමු 2048 යන්නයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති විශේෂ සම්මේලනයේ පිළිගැනීමේ කතාව සිදු කළේ එක්සත් ජාතික පක්ෂ කොළඹ දිස්ත්‍රික් නායක හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතායි.

සම්මේලනය කැඳවීමේ ලිපිය කියවීම පක්ෂයේ මහලේකම් හා හිටපු අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා සිදු කළා. පක්ෂයේ තවත් ප්‍රධානීන් කිහිප දෙනෙකුම මෙහිදී අදහස් දැක්වුවා.

විශේෂ සම්මේලනය ඇමතූ පක්ෂයේ නායක හා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියේ ස්මාර්ට් රටට ප්‍රථම ස්මාර්ට් පක්ෂයක් ඇති කළ යුතු බවයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව එළඹෙන 2024 වසරේදී ජනාධිපතිවරණය පැවැත්වෙන බව ද ජනාධිපතිවරයා ප්‍රකාශ කළා.

ඉන් අනතුරුව මහ මැතිවරණයක් පැවැත්වෙන බවයි ජනාධිපතිවරයා එක්සත් ජාතික පක්ෂ සම්මේලනය අමතමින් කියාසිටියේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නොච්චියාගම මහා රැලිය
01:48:31
Video thumbnail
කොහොමද අර්චුනාගේ සෙනඟ - ජෙප්පෝ මේ බලන්න..අර්චුනාට තියෙන ආදරේ
01:56
Video thumbnail
ඔයා බීලා ඉන්නේ..මූට වෙරි ඔක්කෝටම වැඩිය - ඒ ළමයට මොනවහරි වුණානම්
00:42
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20
Video thumbnail
පව් අනේ මේ අන්කල්.. අනුකම්පා කරන්න..
00:19
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී - කොහොමද දැක්කමත් පුදුමයිනේ ?
01:36
Video thumbnail
මන්නාරමේ සිදුකරන සංවර්ධන ගැන ඇමති චන්දන හෙළිකරයි - මේ ප්‍රදේශය යුද්දයෙන් බැටකාපු ප්‍රදේශයක්
07:30