AFC Banner
AFC Banner
Empty Ad

එක රැයකින් ක්‍රිකට් ලෝකයම හෙල්ලූ පාණ්ඩ්‍යාගේ නෝ-ලුක් පහර (වීඩියෝ)

බංග්ලාදේශය සමඟ තරග තුනකින් සමන්විත විස්සයි විස්ස තරගාවලිය තරග එකට බිංදුවක් ලෙස පෙරමුණ ගන්නට සත්කාර ඉන්දීය කණ්ඩායමට ඊයේ (06) හැකියාව ලැබුණා.

ඒ, ඊයේ ග්වාලියර් හිදී පැවති පළමු තරගය කඩුලු 07කින් ජය ගැනීමත් සමඟයි.

මෙම තරගයේ පළමුව පන්දුවට පහර දින බංග්ලාදේශ ඉනිම පන්දුවාර 19යි පන්දු 05ක් තුළ සියල්ලන් දැවී ලකුණු 127කර සීමා වුණා.

අනතුරුව ලකුණු 128ක් ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ඉන්දීය කණ්ඩායම එම ඉලක්කය පන්දුවාර 11යි පන්දු 05ක් තුළ කඩුලු තුනක් පමණක් දැවී පසුකර යමින් තරගය ජයගත්තා.

එහිදී පන්දු 16ක් තුළ නොදැවී ලකුණු 39 ක් රැස් කරමින් හර්දික් පාණ්ඩ්‍යා ඉන්දීය කණ්ඩායම අවසානයේ ජයග්‍රහණය කරා රැගෙන ගියා.

මෙම තරගයේ දී පාණ්ඩ්‍යා එල්ල කර පහරක් පිළිබඳව මේ වනවිට ක්‍රිකට් ලෝකයේ කතා බහට මතුව තිබෙනවා.

පාණ්ඩ්‍යා වේග පන්දු යවන ක්‍රීඩක ටස්කින් අහමඩ්ගේ පන්දුවාරයක දී පිට පිට හතරේ පහර තුනක් එල්ල කරන අතර, ඔහු කඩුලු රකින්නාගේ හිසට ඉහළින් යොමු කළ ආකර්ෂණීය පහර ද ඊට ඇතුළත්.

ක්‍රිකට් විස්තර විචාරකයින් පාණ්ඩ්‍යා එල්ල කළ මෙම පහර හඳුන්වනු ලැබුවේ නෝ-ලුක් පහර ලෙසයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
3
+1
0
+1
1
+1
3
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අලි වැදෙන හැටි බලන්න කෝච්චියේ ගිය ඇමති - රැස්වීමත් උණුසුම් - නිලධාරීන්ට තද වෙයි
Video thumbnail
නවසීලන්තයට යන්න කළින් අපේ කෙල්ලෝ කියපු මොරාල් කතාව
Video thumbnail
🔴2025 අයවැය පාර්ලිමේන්තු විවාදය පස්වැනි දිනය සජීවීව
02:47:52
Video thumbnail
KASTHIRAMA | පා.ම චන්දිම හෙට්ටිආරච්චි සහ සජබ විධායක කමිටු සාමාජික මහේෂ් සේනානායක සහභාගීවන කස්තිරම
01:27:01
Video thumbnail
දයාසිරි මේ වගේ කතාවක් කරයි කියලා හිතුවද ?
10:00
Video thumbnail
තනියම ඩයස්පෝරාවට සද්දේ දැමු මේජර් ජනරාල් සම්මානයක් දිනාගනී
02:02
Video thumbnail
කළුතර සිංහයා රෝහිත ගමකට කන්න දෙයි
04:37
Video thumbnail
මෙයාලගේ ගොඩාක් තියෙන්නේ බොරුව...
05:22
Video thumbnail
මේ පාතාල කේස් ඔක්කොම කළින් ආණ්ඩුවල වැරදි - මාලිමා මන්ත්‍රී කියයි
06:58
Video thumbnail
ටියුෂන් දෙන්නම් කියපු මනුස්සයා වහාම ඉල්ලා අස් වෙන්න ඕන
04:41

?