එක රැයකින් ක්‍රිකට් ලෝකයම හෙල්ලූ පාණ්ඩ්‍යාගේ නෝ-ලුක් පහර (වීඩියෝ)

බංග්ලාදේශය සමඟ තරග තුනකින් සමන්විත විස්සයි විස්ස තරගාවලිය තරග එකට බිංදුවක් ලෙස පෙරමුණ ගන්නට සත්කාර ඉන්දීය කණ්ඩායමට ඊයේ (06) හැකියාව ලැබුණා.

ඒ, ඊයේ ග්වාලියර් හිදී පැවති පළමු තරගය කඩුලු 07කින් ජය ගැනීමත් සමඟයි.

මෙම තරගයේ පළමුව පන්දුවට පහර දින බංග්ලාදේශ ඉනිම පන්දුවාර 19යි පන්දු 05ක් තුළ සියල්ලන් දැවී ලකුණු 127කර සීමා වුණා.

අනතුරුව ලකුණු 128ක් ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ඉන්දීය කණ්ඩායම එම ඉලක්කය පන්දුවාර 11යි පන්දු 05ක් තුළ කඩුලු තුනක් පමණක් දැවී පසුකර යමින් තරගය ජයගත්තා.

එහිදී පන්දු 16ක් තුළ නොදැවී ලකුණු 39 ක් රැස් කරමින් හර්දික් පාණ්ඩ්‍යා ඉන්දීය කණ්ඩායම අවසානයේ ජයග්‍රහණය කරා රැගෙන ගියා.

මෙම තරගයේ දී පාණ්ඩ්‍යා එල්ල කර පහරක් පිළිබඳව මේ වනවිට ක්‍රිකට් ලෝකයේ කතා බහට මතුව තිබෙනවා.

පාණ්ඩ්‍යා වේග පන්දු යවන ක්‍රීඩක ටස්කින් අහමඩ්ගේ පන්දුවාරයක දී පිට පිට හතරේ පහර තුනක් එල්ල කරන අතර, ඔහු කඩුලු රකින්නාගේ හිසට ඉහළින් යොමු කළ ආකර්ෂණීය පහර ද ඊට ඇතුළත්.

ක්‍රිකට් විස්තර විචාරකයින් පාණ්ඩ්‍යා එල්ල කළ මෙම පහර හඳුන්වනු ලැබුවේ නෝ-ලුක් පහර ලෙසයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
3
+1
0
+1
1
+1
3
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34