එක් තරගයක් ඉතිරිව තිබියදී දකුණු අප්‍රිකාව පරදා කොදෙව්වන්ට T20 ජයක්

තරග 03කින් සමන්විත බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහි දකුණු අප්‍රිකානු T20 ක්‍රිකට් තරගාවලියේ තවත් එක් තරගයක් ඉතිරිව තිබියදී වේලාසනම තරගාවලි ජයක් වාර්තා කරන්නට කොදෙව්වන් සමත් වුණා.

ඒ බටහිර ඉන්දීය කොදෙව් දූපත් දේශයන්හි Tarouba ක්‍රීඩාංගණයේ දී ඊයේ (25) පැවැති දෙවැනි පන්දුවාර 20 තරගයෙන් ද දකුණු අප්‍රිකාව පරදවා ලකුණු 30ක ජයක් කොදෙව් කණ්ඩායම වාර්තා කිරීමත් සමගයි.

තරගයේ කාසියේ වාසිය දිනූ දකුණු අප්‍රිකාව පළමුව පන්දු රැකීම තෝරාගත් අතර; පළමු ව ලකුණු රැස් කළ කොදෙව්වන් පන්දුවාර 20 අවසානයේ දී කඩුලු 06ක් දැවී ලකුණු 179ක් ලබාගත්තා.

තරගය ජයග්‍රහණයට පන්දු 120කදී ලකුණු 180ක් අවශ්‍ය වුවත්, දකුණු අප්‍රිකාවට පන්දුවාර 19කුත් පන්දු 04කුත් අවසානයේ සියල්ලන් ම දැවී ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 149ක් පමණයි.

කොදෙව් කණ්ඩායම වෙනුවෙන් Shai Hope ලකුණු 41ක් රැස් කළා.

කඩුලු බිඳ දැමීමේ දී කොදෙව් දේශයෙන් Lizaad Williams විසින් කඩුලු 03ක් ද, Patrick Krugerගෙන් කඩුලු 02ක් සහ එක් කඩුල්ලක් Ottneil Baartmanට හිමිවුණා.

කොදෙව්වන් සිය ජයග්‍රහණය වාර්තා කරන විට Romario Shepherd ලකුණු 15කට කඩුලු 03ක් ද, Shamar Joseph කඩුලු 03ක් ද බිඳ දමා තිබූ අතර Akeal Hoseinට කඩුලු 02ක් හිමි වුණා.

එක් කඩුල්ල බැගින් Matthew Forde සහ Gudakesh Motie විසින් බිඳ දමනු ලැබුවා.

තරගයේ වීරයා සම්මානය Romario Shepherdට හිමි වුණා.

ඒ අනුව තරග 03කින් යුතු ටී20 තරගාවලියේ පැවති මුල් තරග දෙකම ජයග්‍රහණය කරන්නට බටහිර ඉන්දීය කොදෙව්වන් සමත් වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලෝකෙ ප්‍රශ්න තියෙනකොට දැන් අපිට උණ සන්නිපාතය හැදිලා - ඇයි දැනගෙන බොරු කිව්වේ
11:42
Video thumbnail
කෝලිකුට්ටු උස්සගෙන ආ හෙක්ටර් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
03:38
Video thumbnail
ආණ්ඩුව වහල්ලුන්ට මුදල් දීලා ජනප්‍රිය වෙන්න හදනවා
18:33
Video thumbnail
නැව ගිලුණත් බෑන් චූන් රටේ වහල් මිනිස්සු - චෝදනා ඔප්පු කරන්න - නැත්නම් කටපියන් ඉන්න
41:12
Video thumbnail
තවත් ප්‍රහාරයක් නුදුරු අනාගතයේ වෙනවා ?..ගම්මන්පිල අනතුරු අගවයි
04:00
Video thumbnail
ගාල්ල - තෙලිකඩ කම්පා කළ අපරාධය
01:24
Video thumbnail
මහා සිකුරාදා දවස කිතුනු බැතිමතුන්ට විශේෂ වන්නේ ඇයි ? පියතුමෙක් හෙළිකරයි
03:27
Video thumbnail
ජනපතිගේ ළඟම කෙනෙක් මට තොරතුරු දෙනවා..ගම්මන්පිලගෙන් ප්‍රබල හෙළිදරව්වක්
04:14
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07