එක්දින තරගාවලියේ ජය නවසීලන්තයට

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ පැවති දෙවන එක්දින තරගය ලකුණු 113කින් ජය ගැනීමට නවසීලන්ත කණ්ඩායමට අද (08) හැකියාව ලැබුණා.

මෙම ජයග්‍රහණයත් සමඟ තරග තුනකින් සමන්විත තරගාවලියේ පළමු තරග දෙක ජයගෙන තරගාවලියේ ජය කල්තියාම තමන් සතු කරගන්නට නවසීලන්ත කණ්ඩායමට හැකියාව හිමිවුණා.

අද තරගයේ ආරම්භයට වර්ෂාවෙන් බාධා එල්ලවීමත් සමඟ තරගය ආරම්භ කිරීමට පැය දෙකක් පමණ ප්‍රමාද වුණා.

ඒ, හේතුවෙන් එක් ඉනිමක් පන්දුවාර 37කට සීමා වූ අතර, ශ්‍රී ලංකා ආරාධනයෙන් තරගයේ පළමුව පන්දුවට පහර දුන් නවසීලන්තය කඩුලු 09ක් දැවී ලකුණු 255ක් සිය ලකුණු පුවරුවට එක් කළා.

අනතුරුව ලකුණු 256ක ඉලක්කයක් හඹා යාමට ශ්‍රී ලංකා පිතිකරුවන් පිටියට පිවිසි අතර, මෙම තරගයේදීත් ඔවුන්ගේ වගකීම් විරහිත දියාරු පිතිකරණය කැපී පෙනුනා.

ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් සාර්ථකවීමට හැකිවූ එකම පිතිකරුවා බවට පත්වීමට කමිඳු මෙන්ඩිස්ට හැකියාව ලැබුණු අතර, ඔහු ලකුණු 64ක් රැස් කළා.

ජනිත් ලියනගේ ලකුණු 22ක් රැස්කළ අතර, චමිඳු වික්‍රමරත්න ලකුණු 17ක් ශ්‍රී ලංකා ලකුණු පුවරුවට එක් කළා.

අවසානයේ පන්දුවාර 30යි පන්දු 02ක් තුළ ශ්‍රී ලංකා පිතිකරුවන් සියලුදෙනා ලකුණු 142කට සීමා වුණා.

පන්දු යැවීමේ දී විල් ඕරූක් කඩුලු 03ක් සහ ජෙකොබ් ඩෆී කඩුලු 02ක් බිඳ දැමුවා.

ඒ, අනුව දෙරට අතර පැවති දෙවන එක්දින තරගය ලකුණු 113කින් ජයගැනීමට නවසීලන්ත කණ්ඩායම හැකියාව ලැබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වාද්දුව වාහන සේවා මධ්‍යස්ථානයක දෙපිරිසක් අතර දැඩි උණුසුමක්.."මේක මගේ ගම..මම මේකෙ මන්ත්‍රී කෙනෙක්"
02:22
Video thumbnail
අපි NPP එක පරාජය කළා..මට හරිම සන්තෝසයි..රත්නපුර ම.නගර සභාවේ මාලිමාවේ මංගල අයවැය පරාද වෙයි
11:36
Video thumbnail
මාදෙනියට ගිය නාමල්ව දැක්ක මිනිස්සු නාමල්ව වටකරගෙන දුක කියයි.."මුන්ට බැනලත් බෑ නොබැනත් බෑ"
05:02
Video thumbnail
ආණ්ඩුවේ අය ආපදාව විහිළුවට අරගෙන..ජනතාව අදටත් කඳවුරුවල..මේ අහිංසක ජනතාව ගම්වලට යවන්න
04:53
Video thumbnail
සජිත් කියන විදිහට ආර්ථිකය වට්ටන්න ඉඩක් නෑ..පුළුවන් විදිහට ආණ්ඩුවේ වගකීම අපි ගන්නවා
01:54
Video thumbnail
දඹුල්ල මහ නගර සභාවේ නගරාධිපතිතුමා, හි. නගරාධිපතිට අල්ලස් පැමිණිලි 15ක් දාලා..
05:59
Video thumbnail
Breaking News
04:20
Video thumbnail
හැම ත්‍රීවීල් එකකම තිබ්බේ මාලිමාව දිනවමු කියලා..දැන් දිනෙව්වා හරිනේ..සමහරුන්ගේ මොළේ කිසිම දෙයක් නෑ
06:44
Video thumbnail
සමන්ත තමුන් අබින් කාලද ඉන්නේ..ඔය හිල වැහුවම ගලවන් යනවනේ
02:10
Video thumbnail
මේ වෙනස කරන්නේ ඒකාධිපති ක්‍රමවේදයකට..විශ්වවිද්‍යාල පනතක් නිසා සජිත් කුපිතවෙයි..
05:37


?