AFC Banner
Empty Ad
Empty Ad

එක්දින තරගාවලියේ ජයත් කොදෙව්වන්ට

ශ්‍රී ලංකා කණ්ඩායම සමග ඵැවති තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය 3ට බින්දුවක් ලෙසට ජයග්‍රහණය කිරීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හැකි වුණා. ඒ දෙරට අතර පැවති අවසන් තරගය කඩුලු 5කින් ජය ගනිමින්. කාසියේ වාසිය දිනූ කොදෙව් කණ්ඩායමේ ආරාධනය මත පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 274ක් රැස් කළා.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩා කළ වනිඳු හසරංග නොදැවී ලකුණු 80ක් ලබාගත්තේ සිය පළමු එක්දින අර්ධ ශතකය ද වාර්තා අතරට එක් කරමින්. පන්දු 60ක් තුල ඔහු රැස් කළ ලකුණු 80ට 4 පහර 7ක් සහ 6 පහර 3ක් ඇතුලත්. විශේෂත්වය වන්නේ ඔහු අවසන් පන්දු වාරය තුල ලකුණු 20ක් රැස් කිරීමයි.

අශේන් බණ්ඩාර නොදැවී ලකුණු 55ක් ලබාගත්තා. ධනුෂ්ක ගුණතිලක 36යි’ නායක දිමුත් කරුණාරත්න ලකුණු 31ක් රැස් කළා. කෙසේවෙතත් පිළිතුරු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදුන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පන්දුවාර 48යි පන්දු 3ක් අවසානයේ ජයග්‍රාහී ඉලක්කය පසු කළා. ඩැරන් බ්‍රාවෝ ලකුණු 102ක් ලබාගත්තේ හතරේ පහර 5ක් සහ හයේ පහර 4ක් ද සමගින්.

නායක කිරන් පොලාඩ් ලකුණු 53යි. සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව්වන් අතර 20යි 20 තරග 3ක් පැවති අතර එම තරගාවලිය ද 3ට බින්දුවක් ලෙසට ජයගත්තේ කොදෙව් කණ්ඩායමයි. ශ්‍රී ලංකා කොදෙව් ටෙස්ට් තරගාවලිය ලබන 21වනදා ආරම්භ වීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු ජනාධිපතිවරුන්ට අනුර යවපු ලිපිය
08:21
Video thumbnail
ආණ්ඩුව වැරදි ගමනක් ගියොත් අපිට සිද්ධ වෙනවා විපක්ෂයේ කාර්ය භාරය කරන්න #akd #npp
01:53
Video thumbnail
අනුරපුරේ ගිය දිලිත් අනුරපුරේ බලය තහවුරු කර ගනී
10:18
Video thumbnail
ලංගම බස් රථයෙන් කසිප්පු ඇද්ද රියදුරු මාට්ටු...
01:54
Video thumbnail
KASTHIRAMA | හිටපු රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ සහ හිටපු පා.ම.හර්ෂන රාජකරුණා සහභාගීවන කස්තිරම
01:23:45
Video thumbnail
ජනතාවට සිලින්ඩරේ වටිනාකම අගය මතුවෙලා#ranilwickremesinghe #anurakumaradissanayake
02:28
Video thumbnail
කළුතරින් රෝහිත අබේගුණවර්ධන පාර්ලිමේන්තු යනවා #viralvideo #shortvideo #trendingshorts
00:20
Video thumbnail
භාණ්ඩ 05ක බදු ඉහළට - මේ ආණ්ඩුව තාම ගැබ් ගත්ත විතරයි #npp #akd #anurakumaradissanayake
02:41
Video thumbnail
ජනාධිපති අනුර කුමාර දිසානායක දැන් පාවිච්චි කරන්නෙත් BMW #anurakumaradissanayake
02:22
Video thumbnail
සීලෙ අපිට... අපි සීලෙට... සාධු...සාධු - සාධු නැතුව අපිට වෙන පිස්සො එපා #seelarathanathero
01:42

?