එක්දින තරගාවලියේ ජයත් කොදෙව්වන්ට

ශ්‍රී ලංකා කණ්ඩායම සමග ඵැවති තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය 3ට බින්දුවක් ලෙසට ජයග්‍රහණය කිරීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හැකි වුණා. ඒ දෙරට අතර පැවති අවසන් තරගය කඩුලු 5කින් ජය ගනිමින්. කාසියේ වාසිය දිනූ කොදෙව් කණ්ඩායමේ ආරාධනය මත පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 274ක් රැස් කළා.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩා කළ වනිඳු හසරංග නොදැවී ලකුණු 80ක් ලබාගත්තේ සිය පළමු එක්දින අර්ධ ශතකය ද වාර්තා අතරට එක් කරමින්. පන්දු 60ක් තුල ඔහු රැස් කළ ලකුණු 80ට 4 පහර 7ක් සහ 6 පහර 3ක් ඇතුලත්. විශේෂත්වය වන්නේ ඔහු අවසන් පන්දු වාරය තුල ලකුණු 20ක් රැස් කිරීමයි.

අශේන් බණ්ඩාර නොදැවී ලකුණු 55ක් ලබාගත්තා. ධනුෂ්ක ගුණතිලක 36යි’ නායක දිමුත් කරුණාරත්න ලකුණු 31ක් රැස් කළා. කෙසේවෙතත් පිළිතුරු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදුන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පන්දුවාර 48යි පන්දු 3ක් අවසානයේ ජයග්‍රාහී ඉලක්කය පසු කළා. ඩැරන් බ්‍රාවෝ ලකුණු 102ක් ලබාගත්තේ හතරේ පහර 5ක් සහ හයේ පහර 4ක් ද සමගින්.

නායක කිරන් පොලාඩ් ලකුණු 53යි. සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව්වන් අතර 20යි 20 තරග 3ක් පැවති අතර එම තරගාවලිය ද 3ට බින්දුවක් ලෙසට ජයගත්තේ කොදෙව් කණ්ඩායමයි. ශ්‍රී ලංකා කොදෙව් ටෙස්ට් තරගාවලිය ලබන 21වනදා ආරම්භ වීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09