එක්දින ක්‍රිකට් ලෝක කුසලානයේ තීරණාත්මක අවසන් පූර්ව වටය අද ඇරඹෙ‍යි

මෙවර එක්දින ක්‍රිකට් ලෝක කුසලානයේ තීරණාත්මක අවසන් පූර්ව වටයේ තරග අද ආරම්භ වනවා.

අවසන් පූර්ව වටයේ පළමු තරගය අද පස්වරු 02ට වන්කඩේ ක්‍රීඩාංගණයේ දී ආරම්භ වීමට නියමිතයි.

අද පළමු අවසන් පූර්ව වටය යටතේ සත්කාරක ඉන්දීය කණ්ඩායමට එරෙහි ව නවසීලන්තය තරග වදිනවා.

මෙවර තරගාවලියේ අවසන් පූර්ව වටයේ විශේෂත්වයක් පවතිනවා.

ඊට හේතුව වන්නේ; තරගාවලියේ අවසන් පූර්ව වටයට පිවිසි රටවල් 04 න් දෙකක් ම එක් ලෝක කුසලානයක් හෝ ජයග්‍රහණය කර තිබීම සහ තවත් කණ්ඩායම් දෙකක් සිය කුළුඳුල් ලෝක කුසලානයක පහස විඳ දරාගැනීමට බලාපොරොත්තු දල්වා සිටීමයි.

නවසීලන්තය සහ දකුණු අප්‍රිකාව එලෙස කිසිදු එක්දින ලෝක කුසලානයක් ජයග්‍රහණය කර නැති කණ්ඩායම් වනවා.

ඔස්ට්‍රේලියාව එක්දින ලෝක කුසලාන ශූරතා 05ක් ද, ඉන්දියාව 02ක් ජයග්‍රහණය කර තිබෙනවා.

එමෙන්ම අඛණ්ඩ ව එක්දින ක්‍රිකට් ලෝක කුසලානයක අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබූ රටක් ලෙස නවසීලන්තය හැඳින්විය හැකියි.

2019 ක්‍රිකට් ලෝක ශූරයින් සමග තරග වැදුණේ නවසීලන්ත කණ්ඩායම යි.

මෙවර ද නවසීලන්තය අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට සමත් ව සිටිනවා.

තරගාවලියේ පැවති තරග 09 ම ජයග්‍රහණය කරමින්, ප්‍රසාද ලකුණු 18ක් අතැතිව ඉන්දීය කණ්ඩායම ප්‍රසාද ලකුණු ලැයිස්තුවේ පළමු තැන සිටින අතර, නවසීලන්තය ලකුණු 10ක් අතැතිව සිව්වැනි ස්ථානයේ පසුවනවා.

අද තරගය තියුණු මුහුණුවරක් ගැනීමේ වැඩි ඉඩකඩක් පවතිනු ඇති.

ඊට හේතුව වන්නේ අද තරගය ජයග්‍රහණය අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීම සඳහා කණ්ඩායම් දෙකට ම තීරණාත්මක වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන..දැකපු දෙස් විදෙස් අයත් මවිත වුණ දේ
01:33
Video thumbnail
Kasthirama | "යළි ගොඩනැගෙන්නට සවිය අවැසි හෙට දවස" - කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:25:26
Video thumbnail
මෙන්න කාළගුණයේ වෙන්න යන නොසිතූ වෙනස..අත්‍යවශ්‍ය වැඩවලට විතරක් එළියට යන්න
04:02


?