එක්දින ක්‍රිකට් ලෝක කුසලානයේ තීරණාත්මක අවසන් පූර්ව වටය අද ඇරඹෙ‍යි

මෙවර එක්දින ක්‍රිකට් ලෝක කුසලානයේ තීරණාත්මක අවසන් පූර්ව වටයේ තරග අද ආරම්භ වනවා.

අවසන් පූර්ව වටයේ පළමු තරගය අද පස්වරු 02ට වන්කඩේ ක්‍රීඩාංගණයේ දී ආරම්භ වීමට නියමිතයි.

අද පළමු අවසන් පූර්ව වටය යටතේ සත්කාරක ඉන්දීය කණ්ඩායමට එරෙහි ව නවසීලන්තය තරග වදිනවා.

මෙවර තරගාවලියේ අවසන් පූර්ව වටයේ විශේෂත්වයක් පවතිනවා.

ඊට හේතුව වන්නේ; තරගාවලියේ අවසන් පූර්ව වටයට පිවිසි රටවල් 04 න් දෙකක් ම එක් ලෝක කුසලානයක් හෝ ජයග්‍රහණය කර තිබීම සහ තවත් කණ්ඩායම් දෙකක් සිය කුළුඳුල් ලෝක කුසලානයක පහස විඳ දරාගැනීමට බලාපොරොත්තු දල්වා සිටීමයි.

නවසීලන්තය සහ දකුණු අප්‍රිකාව එලෙස කිසිදු එක්දින ලෝක කුසලානයක් ජයග්‍රහණය කර නැති කණ්ඩායම් වනවා.

ඔස්ට්‍රේලියාව එක්දින ලෝක කුසලාන ශූරතා 05ක් ද, ඉන්දියාව 02ක් ජයග්‍රහණය කර තිබෙනවා.

එමෙන්ම අඛණ්ඩ ව එක්දින ක්‍රිකට් ලෝක කුසලානයක අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබූ රටක් ලෙස නවසීලන්තය හැඳින්විය හැකියි.

2019 ක්‍රිකට් ලෝක ශූරයින් සමග තරග වැදුණේ නවසීලන්ත කණ්ඩායම යි.

මෙවර ද නවසීලන්තය අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට සමත් ව සිටිනවා.

තරගාවලියේ පැවති තරග 09 ම ජයග්‍රහණය කරමින්, ප්‍රසාද ලකුණු 18ක් අතැතිව ඉන්දීය කණ්ඩායම ප්‍රසාද ලකුණු ලැයිස්තුවේ පළමු තැන සිටින අතර, නවසීලන්තය ලකුණු 10ක් අතැතිව සිව්වැනි ස්ථානයේ පසුවනවා.

අද තරගය තියුණු මුහුණුවරක් ගැනීමේ වැඩි ඉඩකඩක් පවතිනු ඇති.

ඊට හේතුව වන්නේ අද තරගය ජයග්‍රහණය අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීම සඳහා කණ්ඩායම් දෙකට ම තීරණාත්මක වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07
Video thumbnail
වව්නියාවේ මාස ගණනාවක් පැවති නියඟය හමාර කරමින් අධික වර්ෂාව ඇඳ හැලෙයි
00:45
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15
Video thumbnail
කක්කුස්සියට යන්න වෙන්නෙත් දැන් sms එක බලලා..මේවා යුද්දේ නිසා නෙවෙයි සුද්දේ නිසා වුණ දේ
03:21
Video thumbnail
පාස්කු ප්‍රහාරය නිසයි සජිත්ට ජනාධිපති වෙන්න බැරිවුණේ
08:53
Video thumbnail
නලින් කිව්ව "AI සජිත්" ගැන ගම්මන්පිල කිව්ව කතාව..පිත්ත ඔසවා පන්දුව නිදැල්ලේ යන්න ඉඩ දෙනවා
03:15
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22