spot_img
AFC Banner
Korea Edu Banner
Empty Ad

එකදු ජයක් නොමැතිව ම ශ්‍රී ලංකාව අමෙරිකාවෙන් දොට්ට ?

මෙවර T20 ක්‍රිකට් ලෝක කුසලානයේ සිහිනය බොඳ කරගන්නට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදු වුණා.

ඒ අද (12) අමෙරිකාවේ ලවුඩර්හිල් හි දී පැවැත්වීමට නියමිත කර තිබූ නේපාල – ශ්‍රී ලංකා තරගය අතහැර දැමීම නිසාවෙන්.

ඇදහැලෙන ධාරානිපාත වර්ෂාව නිසා මෙම තරගය අතහැර දැමීමටයි ක්‍රිකට් බලධාරීන් තීරණය කර ඇත්තේ.

ඒ අනුව මේ වනවිටත් පැවති තරග දෙක ම පරාජයට පත් ව සිටින ශ්‍රී ලංකා කණ්ඩායමට යළිත් මව්බිම බලා ඒමට සිදු වනු ඇති.

D කාණ්ඩය යටතේ තරග වැදුණු ශ්‍රී ලංකා කණ්ඩායම අද මුහුණදීමට සිටියේ මෙවර ලෝක කුසලානය ක්‍රිකට් තරගාවලියේ 23 වැනි තරගයයි.

මේ වනවිට ශ්‍රී ලංකා කණ්ඩායම කිසිදු තරගයක් ජය නොගෙන D කාණ්ඩය යටතේ ප්‍රසාද ලකුණු සටහනේ අවසාන ස්ථානයේ රැඳී සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
7
+1
3
+1
75
+1
3
+1
11
+1
2
+1
17
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?