එකතු කරපු සල්ලිවලට රොබරියක් දුන් මුදල් භාරකරු පොලිසිය අල්ලයි

ව්‍යාපාරික ආයතනවල දෛනික එකතුවන මුදල් එක් රැස්කර කොළඹ ප්‍රදේශයේ මූල්‍ය ආයතනවලට භාරදීමේ රාජකාරියේ නිරත වී සිටි මුදල් භාරකරුවෙක්, තවත් දෙදෙනෙකු සමඟ එක්ව එලෙස එක්රැස් කළ මුදල් තොගයක් කොල්ල කෑ පුවතක් කටාන ප්‍රදේශයෙන් වාර්තා වනවා.

ඔවුන් විසින් රුපියල් හාරකෝටි හැටනව ලක්ෂ නවසීය හතළිහක මුදලක් මෙලෙස කොල්ල කා ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

එලෙස කොල්ල කෑ මුදල ද සමඟ සැකකරුවන් පැය 24ක් ගතවීමට පෙර අත්අඩංගුවට ගැනීමට කාටාන පොලිසියට හැකිව තිබෙනවා.

කොල්ලකෑම සිදුකළ බව කියන සැකකාර මුදල් භාරකරු සිය රියදුරු සමඟ මෝටර් රථයකින් කිඹුලපිටිය ප්‍රදේශයේ මෝටර් රථ අලෙවි කරන ආයතනයක මුදල් භාරගැනීම සදහා පෙරේදා (03) පස්වරුවේ පැමිණ තිබෙනවා.

එහිදී කටියල, පළතුරු කම්හලට හැරෙන හංදිය ප්‍රදේශයේ දී යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙක් තම මෝටර් රථය හරස්කර නවත්වා මුදල් රැගෙන පලාගිය බවයි සැකකාර මුදල් භාරකරු පොලිසිය හමුවේ පැමිණිල්ලක් සිදුකර පවසා ඇත්තේ.

මේ පිළිබද වහා ක්‍රියාත්මක වූ පොලිසියට, එම ප්‍රදේශයේ ආරක්ෂක කැමරා පද්ධති නිරීක්ෂණය කිරීමේ දී, පැමිණිල්ල සිදුකළ සැකකාර මුදල් භාරකරු එසේ පැමිණෙන අතරතුර අතර මඟ නවත්වා තවත් මෝටර් රථයක රියැදුරෙකු සමඟ කිසියම් කතාබහක නිරත වන ආකාරය නිරීක්ෂණ වී තිබෙනවා.

ඒ, අනුව ඉදිරි විමර්ශන කටයුතු මෙහෙය වූ කටාන පොලිසිය මුදල් භාරකරු අතරමග දී කතා කළ මෝටර් රථයේ රියදුරු, මුදල් භාරකරුගේ මෝටර් රථයේ රියැදුරුගේ ඥාතී සොහොයුරෙක් බවත්, ඔවුන් දෙදෙනාම කඩවත ප්‍රදේශයේ පදිංචිකරුවන් බවත් අනාවරණය කර ගෙන තිබෙනවා.

අනතුරුව අද (05) පෙරවරුවේ සැකකාර මුදල් භාරකරු, ඔහුගේ රියැදුරු සහ ඔහුගේ ඥාතී සොහොයුරා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, එහිදී ප්‍රශ්න කිරීමේ දී කොල්ල කෑ මුදල් කඩවත ප්‍රදේශයේ පිහිටි ඥාතී සොහොයුරාගේ නිවසේ සඟවා තිබී සොයාගැනීමට හැකි වූ බවයි පොලිසිය පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
2
+1
25
+1
1
+1
2
+1
2
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"රටටම බත සපයපු ගොවියට බඩේ ප#ර වැදුණා..අපිට කන්න වෙන්නේ මේ වැලි තමයි..ගොඩ ඒමක් ඇත්තෙම නෑ
04:16
Video thumbnail
ආපදාවට ලක්වූ ජනතාවට රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් පරිත්‍යාගයක්
02:02
Video thumbnail
බාල බෙහෙත් සිද්ධිය ගැන සියල්ල හෙළිකරයි
07:03
Video thumbnail
අපි උපාධිය ගත්තේ මල් පෝච්චි හදන්න නෙමෙයි
01:23
Video thumbnail
බලශක්ති අමාත්‍යතුමා වියට්නාම තානාපතිනි හමුවෙයි
00:39
Video thumbnail
ඇන්ටිජන් හොරා දිලීපයා නෙවෙයි Dr. අනිල් ජයන්ත?..විපක්ෂයේ උන් පලයන් ගමට..මුන්ට කොන්ද පණ නෑ..
04:08
Video thumbnail
බලශක්ති අමාත්‍යතුමා වියට්නාම තානාපතිනි හමුවෙයි
01:03
Video thumbnail
බාල බෙහෙත් ගෙනාවේ ආණ්ඩුවෙන් ද..?
10:29
Video thumbnail
කදපොළට අධික වර්ෂාපතනයක් ඇදහැලෙයි..මුළු පළාතක්ම මීදුමකින් වැසෙයි
02:25
Video thumbnail
දිස් ඉස් බිග් කුච්චන් - ගංජා පැල ටිකක් ඇවිල්ලා තියෙන්නේ
03:17


?