AFC Banner
Empty Ad
Empty Ad

එංගලන්ත – පාකිස්තාන අවසන් ටෙස්ට් තරගයේ පළමු දිනය නිමාවන විට සත්කාරකයින් ලකුණු 73/3

එංගලන්තය සහ පාකිස්තානය අතර පැවැත්වෙන තුන්වැනි සහ අවසන් ටෙස්ට් තරගයේ පළමු දිනය නිමාවන විට පාකිස්තාන කණ්ඩායම සිය පළමු ඉනිමට කඩුලු 03ක් දැවී ලකුණු 73ක් ලබා සිටියා.

තරගය අද (24) පෙරවරුවේ රාවල්පිණ්ඩි හි දී ආරම්භ වූ අතර කාසියේ වාසිය හිමි වූයේ එංගලන්තයටයි.

ඒ අනුව ඔවුන් පළමු පන්දුවට පහරදීමට තීරණය කළා.

සිය පළමු ඉනිම දිනයෙන් හරි අඩක් අවසන් වන විට එංගලන්තය සියලු දෙනා දැවී රැස් කළේ ලකුණු 267ක් පමණයි.

ජැමී ස්මිත් ලකුණු 89ක් සහ බෙන් ඩකට් ලකුණු 52ක් සිය කණ්ඩායමේ පළමු ඉනිම වෙනුවෙන් එක් කළා.

සැක් ක්‍රෝලි ලකුණු 29ක් සහ ඇට්කින්සන් ලකුණු 39ක් ලබාගත්තා.

කඩුලු බිඳ දැමීමේ දී සජිඩ් ඛාන් කඩුලු 06ක්, නෝමන් අලී කඩුලු 03ක් සහ එක් කඩුල්ලක් සහීඩ් මහමූඩ් බිඳ හෙලුවා.

ඉන් අනතුරුව සිය පළමු ඉනිම ඇරඹූ පාකිස්තානයේ මුල් කඩුලු 03 ම ජැක් ලීච්, ඇට්කින්සන් සහ බෂීර් අතරේ බෙදී ගියේ ඉතාම අඩු ලකුණු සංඛ්‍යාවක දීයි.

යම් තරමක පීඩනයක් පාකිස්තානයට එල්ල වුණ ද සිව්වැනි කඩුල්ල වෙනුවෙන් හෙට (25) දිනයේ දී තරගයේ දෙවැනි දිනය වෙනුවෙන් පිතිකරණයේ යෙදෙන්නේ ශාන් මසූඩ් සමගින් සෞද් ශකීල්.

දෙරට අතර පැවති ටෙස්ට් තරග 02 දෙපිළම එක් තරගය බැගින් ජයගෙන සම මට්ටමේ පසුවනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති පුත්තලම හොල්ලපු සම්පූර්ණ කතාව මෙන්න
Video thumbnail
අනුර රට යන්නේ නෑ - රැස්වීම් කර කර ඇවිදිනවා - DV චානකට නහුතෙට තදවෙයි
06:49
Video thumbnail
පට්ට ගැම්මෙන් ජනපති සහෝදරයා පුත්තලමට එයි
03:02
Video thumbnail
දිලිත් ජයවීරගෙන් විශේෂ ප්‍රකාශයක් - "සංචාරක ව්‍යාපාරය පොළවටම හාන්සි උනා" #dilithjayaweera #npp
02:32
Video thumbnail
ආරුගම්බේ සිද්ධියට දුක්වුණ තිස්ස - මාලිමා ආණ්ඩුවට තිස්සගෙන් සැර පිළිතුරු
02:14
Video thumbnail
පර්යේෂණ යනවා - එකින් එක එළියට එයි
03:53
Video thumbnail
මුජිබර්ගෙන් ඇඟ කිළිපොලා යන කතාවක් - ලංකාව ඊශ්‍රායල් මධ්‍යස්ථනයක් වෙන්නයි යන්නේ
08:59
Video thumbnail
සර්ව ජනයේ වැඩපිළිවෙලක් නොමැති බව රොෂාන් රනසිංහ අවිවාදයෙන් පිළිගනී #dilithjayaweera
02:34
Video thumbnail
සර්ව ජනයේ වැඩපිළිවෙලක් නෑ #short #viralshorts #dilithjayaweera #1millionviews
00:16
Video thumbnail
දිලිත් ජයවීර විපක්ෂ නායක කරන්න ජනතාව සූධානම්#dilithjayaweera
05:41

?