එංගලන්ත – පාකිස්තාන අවසන් ටෙස්ට් තරගයේ පළමු දිනය නිමාවන විට සත්කාරකයින් ලකුණු 73/3

එංගලන්තය සහ පාකිස්තානය අතර පැවැත්වෙන තුන්වැනි සහ අවසන් ටෙස්ට් තරගයේ පළමු දිනය නිමාවන විට පාකිස්තාන කණ්ඩායම සිය පළමු ඉනිමට කඩුලු 03ක් දැවී ලකුණු 73ක් ලබා සිටියා.

තරගය අද (24) පෙරවරුවේ රාවල්පිණ්ඩි හි දී ආරම්භ වූ අතර කාසියේ වාසිය හිමි වූයේ එංගලන්තයටයි.

ඒ අනුව ඔවුන් පළමු පන්දුවට පහරදීමට තීරණය කළා.

සිය පළමු ඉනිම දිනයෙන් හරි අඩක් අවසන් වන විට එංගලන්තය සියලු දෙනා දැවී රැස් කළේ ලකුණු 267ක් පමණයි.

ජැමී ස්මිත් ලකුණු 89ක් සහ බෙන් ඩකට් ලකුණු 52ක් සිය කණ්ඩායමේ පළමු ඉනිම වෙනුවෙන් එක් කළා.

සැක් ක්‍රෝලි ලකුණු 29ක් සහ ඇට්කින්සන් ලකුණු 39ක් ලබාගත්තා.

කඩුලු බිඳ දැමීමේ දී සජිඩ් ඛාන් කඩුලු 06ක්, නෝමන් අලී කඩුලු 03ක් සහ එක් කඩුල්ලක් සහීඩ් මහමූඩ් බිඳ හෙලුවා.

ඉන් අනතුරුව සිය පළමු ඉනිම ඇරඹූ පාකිස්තානයේ මුල් කඩුලු 03 ම ජැක් ලීච්, ඇට්කින්සන් සහ බෂීර් අතරේ බෙදී ගියේ ඉතාම අඩු ලකුණු සංඛ්‍යාවක දීයි.

යම් තරමක පීඩනයක් පාකිස්තානයට එල්ල වුණ ද සිව්වැනි කඩුල්ල වෙනුවෙන් හෙට (25) දිනයේ දී තරගයේ දෙවැනි දිනය වෙනුවෙන් පිතිකරණයේ යෙදෙන්නේ ශාන් මසූඩ් සමගින් සෞද් ශකීල්.

දෙරට අතර පැවති ටෙස්ට් තරග 02 දෙපිළම එක් තරගය බැගින් ජයගෙන සම මට්ටමේ පසුවනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලංකාවේ සෑම ස්ථානයකටම ගිගුරුම් සහිත වැසි - කාලගුණයේ නවතම තතු මෙන්න
02:55
Video thumbnail
දුම්රිය රියදුරු හිඟය මත කිසිදු දුම්රියක් අවලංගු වුණේ නෑ - මෑත කාලයේ කරපු අසාර්ථකම වර්ජනය මේක
06:45
Video thumbnail
දුම්රිය වර්ජනය ගැන ලාල්කාන්ත කට අරියි - වැඩවර්ජන කරන්න ඇති තරම් ඉඩ තියෙනවා..
03:01
Video thumbnail
දැන් වාහන මිල සෑහෙන්න අඩුවෙලා - වාහන ගන්නවානම් හොඳ අවස්ථාවක් මේ
02:36
Video thumbnail
කෝච්චි එන්ජිමේ එල්ලිලා ආපු අය කිව්ව දේ - පාලකයෝ හරියට ඉන්න ඕන හදන්නනම් - ටිකට් කඩන් නෑ හොදයි
01:28
Video thumbnail
දුම්රිය වර්ජනය ගැන ජනතා අදහස් - ගොඩක් අඩුයි කෝච්චි - සියලු දේම අඩාලයි..බුදුන් අපිව බැලුවද දන්නේ නෑ..
04:25
Video thumbnail
පාවිච්චි කළ වාහන ගෙන්වන එකද ලාභ Brand New වාහන ගේන එකද ?
05:46
Video thumbnail
ශ්‍රී ලංකාව කලාපීය මූල්‍ය තාක්ෂණ මධ්‍යස්ථානයක් බවට පත් කළ යුතු බව සජිත් කියයි
02:47
Video thumbnail
ජල ගැල්මට ලක්වූ නිවාසවල ජනතාවට පිසු ආහාර ලබා දීමේ උතුම් ක්‍රියාව
01:59
Video thumbnail
මාරක අනතුරෙන් පසු එහි උණුසුම් තත්ත්වයක් - මූ හිඟාකන්න දාන්න ඕනි..කීදෙනෙක් මැ#ලද බලපන් ?
02:10