එංගලන්ත එක්දින සහ විස්සයි විස්ස ක්‍රිකට් නායකත්වයෙන් ඉවත්වීමට ජොස් බට්ලර් තීරණය කර තිබෙනවා.
ශූරයන්ගේ කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටයට පිවිසීමට එංගලතයට හැකියාව නොලැබීමත් සමඟ ජොස් මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
“මම එංගලන්ත නායකත්වයෙන් ඉවත් වෙනවා, එය මට සහ කණ්ඩායමට නිවැරදි තීරණයක්” යනුවෙන් ජොස් බට්ලර් මාධ්‍යයට අදහස් දක්වමින් සඳහන් කළේ.
කෙසේ වෙතත් තමන් එංගලන්තය වෙනුවෙන් දිගටම ක්‍රීඩා කරනු ඇති බවයි වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු පැවසුවේ.
ශූරයන්ගේ කුසලාන තරගාවලියේ දී එංගලන්ත මූලික වටයේ සහභාගී වූ තරග දෙනෙක්ම, පරාජයට පත් වූ අතර, ඔවුන්ට මූලික වටයේ ඉතිරිව ඇත්තේ තවත් එක් තරගයක් පමණයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1