එංගලන්ත එක්දින සහ විස්සයි විස්ස නායකත්වයට බෲක්

එංගලන්ත එක්දින සහ විස්සයි විස්ස කණ්ඩායමේ නායකයා ලෙස හැරී බෲක් පත් කර ඇති බව එංගලන්ත සහ වේල්ස් ක්‍රිකට් මණ්ඩලය නිවේදනය කර තිබෙනවා.

මීට පෙර එංගලන්ත කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළ ජොස් බට්ලර්, පාකිස්ථානයේ පැවති 2025 චැම්පියන්ස් කුසලානයෙන් පසු එම තනතුරින් ඉල්ලා අස්වුණා.

එම ඉල්ලා අස්වීමේ පැවති පුරප්පාඩුවටයි 26 හැවිරිදි හැරී බෲක් නම්කර ඇත්තේ.

එංගලන්තය වෙනුවෙන් ටෙස්ට්, එක්දින සහ විස්සයි විස්ස යන සියලුම ආකෘතිවල නිත්‍ය ක්‍රීඩකයෙකු වන බෲක්, පසුගිය වසරේ එක්දින සහ විස්සයි විස්ස කණ්ඩායම් දෙකෙහි උප නායකයා ලෙස නම් කරනු ලැබුවා.

බෲක්, 2018 වසරේ නවසීලන්තයේ පැවති 19න් පහළ ලෝක කුසලානයේ දී එංගලන්තයට නායකත්වය ලබාදුන්නා.

එංගලන්ත නායකයා ලෙස ඔහුගේ පළමු පැවරුම වනුයේ එළඹෙන මැයි මස අග දී බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව මව්බිමේ දී පැවැත්වෙන තරගාවලියයි.

එම තරගාවලිය එක්දින තරග තුනක් සහ විස්සයි විස්ස තරග තුනක් ඇතුළත්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07
Video thumbnail
වව්නියාවේ මාස ගණනාවක් පැවති නියඟය හමාර කරමින් අධික වර්ෂාව ඇඳ හැලෙයි
00:45
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15
Video thumbnail
කක්කුස්සියට යන්න වෙන්නෙත් දැන් sms එක බලලා..මේවා යුද්දේ නිසා නෙවෙයි සුද්දේ නිසා වුණ දේ
03:21
Video thumbnail
පාස්කු ප්‍රහාරය නිසයි සජිත්ට ජනාධිපති වෙන්න බැරිවුණේ
08:53
Video thumbnail
නලින් කිව්ව "AI සජිත්" ගැන ගම්මන්පිල කිව්ව කතාව..පිත්ත ඔසවා පන්දුව නිදැල්ලේ යන්න ඉඩ දෙනවා
03:15
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22