එක්දින ක්‍රිකට් තරග ඉතිහාසයේ කිසිඳු පිතිකරුවෙක් ශතකයක් වාර්තා නොකර ඉනිමක් තුළ ලකුණු 400ක් ලබාගත් ලොව පළමු කණ්ඩායම බවට පත්වීමට එංගලන්ත කණ්ඩායමට ඊයේ (29) හැකියාව ලැබුණා.
ඒ, සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ බර්මින්හැම්හිදී පැවති පළමු එක්දින තරගයේ දීයි.
මෙම තරගයේ කාසිය වාසිය දිනූ කොදෙව් නායකයාගේ ආරාධනයේ පළමු පන්දුවට පහරදුන් එංගලනතය නියමිත පන්දුවාර 50 තුළ කඩුලු 08ක් දැවී ලකුණු 400ක් රැස් කළා.
ඒ, අනුව ජාත්‍යන්තර එක්දින තරග ඉතිහාසය තුළ කණ්ඩායමක කිසිඳු පිතිකරුවෙක් ශතකයක් වාර්තා නොකර ලකුණු 400 රැස්කළ පළමු අවස්ථාව ලෙස මෙම ඉනිම ඉතිහාසයට එකවනවා.
මේ අතර එංගලන්තය ඊයේ රැස්කළ මෙම ලකුණු 400 වාර්තා අතරට එක්වුණේ, එක්දින තරගයක දී එංගලන්ත කණ්ඩායම රැස්කළ හයවන ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙසටයි.





