එංගලන්තයෙන් බංගලීන්ට දැවැන්ත ඉලක්කයක්

එක්දින ක්‍රිකට් ලෝක කුසලානයේ අද පෙරවරුවේ පැවති 07 වැනි තරගයෙන් ජයග්‍රහණයට බංග්ලාදේශ කණ්ඩායමට ලකුණු 365ක ඉලක්කයක් හිමි වුණා.

ඒ ප්‍රතිවාදී එංගලන්ත කණ්ඩායමෙන්.

තරගයේ කාසියේ වාසිය දිනූ බංග්ලාදේශයේ නායක ශකීබ් අල් හසන්ගේ ඇරයුමින් එංගලන්ත කණ්ඩායම පළමු ව පිත්ත අතට ගත්තා.

ඒ අනුව ආරම්භක පිතිකරුවන් යුවළ ලෙස පිටියට පැමිණියේ ජොනී බෙයාර්ස්ටෝස් සමගින් ඩේවිඩ් මලාන්.

බෙයාර්ස්ටෝස් සිය 100 වැනි එක්දින තරගයට ද අද එක් වෙමින් හැඩකාර අර්ධ ශතකයක් ලබා ගැනීමට සමත් වුණා.

කණ්ඩායමේ ලකුණු පුවරුවේ නැංගූරම බවට පත් වූ මලාන් 6 වැනි එක්දින ශතකය ලබා ගත්තේ පන්දු 91කට මුහුණදෙමින්.

ඔහු දැවී ගියේ Mahedi Hasan යොමු කළ පන්දුවක් කඩුල්ලේ වැදීමෙන්.

ඒ වනවිට මලාන් පන්දු 107ක දී දැවැන්ත හයේ පහරවල් 05ක් සහ හතරේ පහරවල් 16ක් සමගින් ලකුණු 140ක් රැස්කරගෙන සිටියා.

ජෝයි රූට් ලකුණු 82යි.

කඩුලු බිඳ දැමීමේ දී බංග්ලාදේශය වෙනුවෙන් Mahedi Hasan ලකුණු 74කට කඩුලු 04ක් ද, Shoriful Islam කඩුලු 03ක් ද බිඳ හෙලුවා.

එක් කඩුල්ල බැගින් ටස්කින් අහමඩ් ට සහ ශකීබ් අල් හසන් ට හිමි වුණා.

ඒ අනුව එංගලන්තය පරාජයට පත් කිරීමට බංග්ලාදේශයට හිමි වූ ඉලක්කය පන්දු 300ක දී දැවැන්ත ලකුණු 365ක්.

තරගය පැවැත්වෙන්නේ ඉන්දියාවේ ධර්මසාලා හි දියි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස්වලට නැගලා සද්දේ දාන සිඟිති පාතාලේ - මූණ කු#ඩුවෙන්න දෙන්නේ
01:55
Video thumbnail
රනිල් බුද්ධ ශාසන ඇමතිව අගය කරයි
04:54
Video thumbnail
රනිල් - මහින්ද - මෛත්‍රී - ගෝඨා එකට රැස්වෙයි
02:15
Video thumbnail
ශ්‍රී මහ බෝධියට ජන ගඟක් ගලාගෙන එයි
01:15
Video thumbnail
බෙල්ලන්විල රජමහ විහාරය සිල් සුවඳින් පිරී යයි
01:08
Video thumbnail
'ස්ට්‍රෙන්ත් ඇන්ඩ් හාමනි' සම්මානය දිනා හංසනා දිවයිනට
00:44
Video thumbnail
දෙල්ගොඩ කර්මාන්ත ශාලාවක ලොකු ගින්නක්
02:46
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37


?