spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

එංගලන්තයෙන් බංගලීන්ට දැවැන්ත ඉලක්කයක්

එක්දින ක්‍රිකට් ලෝක කුසලානයේ අද පෙරවරුවේ පැවති 07 වැනි තරගයෙන් ජයග්‍රහණයට බංග්ලාදේශ කණ්ඩායමට ලකුණු 365ක ඉලක්කයක් හිමි වුණා.

ඒ ප්‍රතිවාදී එංගලන්ත කණ්ඩායමෙන්.

තරගයේ කාසියේ වාසිය දිනූ බංග්ලාදේශයේ නායක ශකීබ් අල් හසන්ගේ ඇරයුමින් එංගලන්ත කණ්ඩායම පළමු ව පිත්ත අතට ගත්තා.

ඒ අනුව ආරම්භක පිතිකරුවන් යුවළ ලෙස පිටියට පැමිණියේ ජොනී බෙයාර්ස්ටෝස් සමගින් ඩේවිඩ් මලාන්.

බෙයාර්ස්ටෝස් සිය 100 වැනි එක්දින තරගයට ද අද එක් වෙමින් හැඩකාර අර්ධ ශතකයක් ලබා ගැනීමට සමත් වුණා.

කණ්ඩායමේ ලකුණු පුවරුවේ නැංගූරම බවට පත් වූ මලාන් 6 වැනි එක්දින ශතකය ලබා ගත්තේ පන්දු 91කට මුහුණදෙමින්.

ඔහු දැවී ගියේ Mahedi Hasan යොමු කළ පන්දුවක් කඩුල්ලේ වැදීමෙන්.

ඒ වනවිට මලාන් පන්දු 107ක දී දැවැන්ත හයේ පහරවල් 05ක් සහ හතරේ පහරවල් 16ක් සමගින් ලකුණු 140ක් රැස්කරගෙන සිටියා.

ජෝයි රූට් ලකුණු 82යි.

කඩුලු බිඳ දැමීමේ දී බංග්ලාදේශය වෙනුවෙන් Mahedi Hasan ලකුණු 74කට කඩුලු 04ක් ද, Shoriful Islam කඩුලු 03ක් ද බිඳ හෙලුවා.

එක් කඩුල්ල බැගින් ටස්කින් අහමඩ් ට සහ ශකීබ් අල් හසන් ට හිමි වුණා.

ඒ අනුව එංගලන්තය පරාජයට පත් කිරීමට බංග්ලාදේශයට හිමි වූ ඉලක්කය පන්දු 300ක දී දැවැන්ත ලකුණු 365ක්.

තරගය පැවැත්වෙන්නේ ඉන්දියාවේ ධර්මසාලා හි දියි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?