ඌර්ණ රෝම ධාතුවක් සොරාගත් අයෙක් කළුබෝවිල දී පොලිස් අත්අඩංගුවට

බුදු පිළිමයක ඌර්ණ රෝම ධාතුව සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරුවෙක් පොලිසිය විසින් ඊයේ (26) දහවල් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු කළුබෝවිල, ජය සමඟි මාවත ප්‍රදේශයේ පදිංචි අයෙක් බවයි පොලිසිය සඳහන් කළේ.

කළුබෝවිල – සත්බෝධි විහාරස්ථානයේ බුදු මැදුරේ දොරකඩා ඊට ඇතුළු වී බුදු පිළිමයේ තැන්පත්කොට තිබූ රනින් නිමකළ ඌර්ණ රෝම ධාතුව සැකකරු විසින් පසුගිය 19 වනදා සොරාගෙන ගොස් තිබෙනවා.

සොරකම සම්බන්ධයෙන් කොහුවල පොලිසියට ලද පැමිණිල්ලකට අනුව සිදුකළ විමර්ශන වලදී සැකකරු රනින් නිම කළ ග්‍රෑම් 16ක් බර ඌර්ණ රෝම ධාතුව ද සමඟ අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

අත්අඩංගුවට ගත් 43 හැවිරිදි වියේ පසුවන සැකකරු අද (27) දින නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?