උසාවියට අපහාස කිරීම සම්බන්ධ සනත් නිශාන්තට එරෙහි පැමිණිල්ල කැඳවීමට දින දෙයි

අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තට එරෙහිව ගොනුකර තිබෙන පැමිණිල්ල ජුලි මස 13 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය අද (27) නියම කළා.

මෙම පැමිණිල්ල අද අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශංක බන්දුල කරුණාරත්න සහ ඒ. මරික්කාර් යන යන විනිසුරු මඬුල්ල හමුවේ කැඳවනු ලැබුවා.

එම අවස්ථාවේදී වගඋත්තරකාර සනත් නිශාන්ත අමාත්‍යවරයා අධිකරණයේ පෙනී සිටියා.

එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ලක්මිණි ගිරිහාගම අධිකරණයට දන්වා සිටියේ මෙම නඩුවට අදාළ සාක්ෂි වශයෙන් ඉදිරිපත් කරන සී.ඩී. පට පරීක්ෂා කිරීමට අදාළ වන සාක්ෂි විශේෂ විධිවිධාන පනත යටතේ වූ නොතීසිය මේ වන විට අධිකරණය හමුවේ ගොනු කර ඇති බවයි.

ඒ, අනුව අදාළ පෙත්සම් ජුලි මස 13 වනදා කැඳවන ලෙසත් එම නොතීසිය වගඋත්තරකාර පාර්ශවයට ලැබී තිබේදැයි එදින දැනුම් දෙන ලෙසත් අධිකරණය නියම කළා.

ඉකුත් වසරේ අගෝස්තු මස 23 වනදා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ සනත් නිශාන්ත අරගලකරුවන්ට ඇප ලබාදීමේ දී මහේස්ත්‍රාත්වරු කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කර තිබුණා.

එම ප්‍රකාශය තුළින් ඒ ඔහු අධිකරණයට අපහාස කර ඇතැයි චෝදනා කරමින් නීතිඥවරුන් වන ප්‍රියලාල් සිරිසේන, විජිත කුමාර සහ ශ්‍රී ලංකා අධිකරණ නිලධාරීන්ගේ සංගමය විසින් තුනක් ඉදිරිපත් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
4
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චණ්ඩ වූ කාළගුණයෙන් පසු කඩුගන්නාවේ නවතම තත්ත්වය..කොච්චර ලස්සනට තිබ්බ තැන්ද මේ
01:05
Video thumbnail
ජනාධිපතිතුමා දීපු පොරොන්දුව බොරුවක්..?
02:20
Video thumbnail
දෙවියනේ..සෝමාවතිය පුදබිමට වෙලා තියෙන දෙයක්
00:33
Video thumbnail
සමන්තයි,සංචාරක නි.ඇමතියි සුද්දෝ එක්ක දැම්ම සුපිරි ඩාන්ස් එක
00:33
Video thumbnail
මළ ගෙදර දී නාමල් වටකරගෙන කොල්ලෝ කෙල්ලෝ සෙල්ෆි ගනී
01:56
Video thumbnail
සෝමාවතියේ චෛත්‍යය මළුව ජල කඳින් ය#වෙලා..මහ ජලකඳ මැද්දේ අලියෙක් සෙල්ලම් කරන හැටි
01:13
Video thumbnail
සර් මට පොල්ලක් කැඩෙනකම් ගැ#වා - මාව වෙව්ලුවා..මව කඳුළු වගුරමින් දරුවාට වූ අසාධාරණය හෙළිකරයි
07:10
Video thumbnail
ආණ්ඩුව ඔක්කොම අනාගන්නවා - කිසිම සැලැස්මක් නෑ
07:09
Video thumbnail
76ක පාලනය ඇතුළත ඖෂධ බ්‍රිතාන්‍ය ප්‍රමිතියෙන් පහළට ගෙනාවේ නෑ..ජීවිතය ඉල්ලගෙන එන ලෙඩාව ම# දාන ආණ්ඩුවක්
12:38
Video thumbnail
දින 23කට පසු උඩරට මැණිකේ බදුල්ලෙන් අඹේවෙල දක්වා ගමන් අරඹයි..අත්දැකීම විඳගන්න සිය ගාණක් අද එකතුවෙලා
02:10


?