AFC Banner
Empty Ad
Empty Ad

උසස් පෙළ විභාගයට හොරෙන් ලියු හිමිනම

කොක්මාදුව වැලිගම ප්‍රදේශයේ විහාස්ථානයක හිමිනමක් වෙනුවෙන් ව්‍යාජ ජාතික හැදුනම්පතක් භාවිතා කර 2021 අ.පො.ස (උසස් පෙළ) විභාගයට පෙනී සිටි බව කියන තවත් හිමිනමක් පුත්තලම ශාන්ත මරියා දෙමළ විද්‍යාලයේ විභාග ශාලාවේ දී සැක පිට ඊයේ අත්අඩංගුවට ගත් බව පුත්තලම පොලීසය පවසනවා.

පුත්තලම ශාන්ත මරියා දෙමළ විද්‍යාලයේ විභාග ශාලාවේ හතර වන දිනට අ.පො.ස/උසස් පෙළ සිංහල විෂයේ දෙවන කොටස ප්‍රශ්න පත්‍රයට පෙනී සිටියදී මෙම හිමිනම පිළිබදව සැකසිතී විභාග ශාලාදීපති භාරයට ගෙන ඇත.

ඉන් අනතුරුව සිදු කල මූලික විමර්ෂණ වලින් පසුව මෙම සැකකාර හිමි නම පොලීසියට භාරදී තිබේ.

මෙලෙස පොලිස් අත් අඩංගුවට ගෙන ඇත්තේ මහහීල්ල ඉසුරුපුර බෙලිඅත්ත ප්‍රදේශයේ විහාරස්ථානයක හිමිනමකි.

සිද්ධිය පිළිබදව අත් අඩංගුවට ගත් හිමිනම පුත්තලම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර සිද්ධිය පිළිබදව පුත්තලම පොලීසය පරීක්ෂණ පවත්වනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?