උසස් පෙළ ප්‍රතිඵල නිකුත්වන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මෙම මස අවසාන සතියේ නිකුත් කරන බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා පවසයි.
 
ඔහු පවසන්නේ මේ වන විට ප්‍රතිඵල සමාලෝචනය කිරීමේ කටයුතු සිදුකෙරෙමින් පවතින බවය.

මේ අතර, විශ්ව විද්‍යාල විවෘත කිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය මාර්ගෝපදේශ නිකුත්කර ඇති බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසයි.

එහි සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සඳහන් කළේ අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශ සියලු විශ්ව විද්‍යාල වෙත ඊයේ (19) දිනයේ නිකුත් කළ බවය.

විශ්ව විද්‍යාලවල අධ්‍යයන කටයුතු සිදුකරන ආකාරය, නේවාසිකාගාර පවත්වාගෙන යන ආකාරය, විභාග, සම්මන්ත්‍රණ සහ ක්‍රීඩා කටයුතු සිදුකිරීම සඳහා මෙම සෞඛ්‍ය මාර්ගෝපදේශ නිකුත්කර තිබේ.

දිවයිනේ සියලු විශ්ව විද්‍යාල අප්‍රේල් 27වන දින සිට විවෘත කිරීමට නියමිත අතර විශ්ව විද්‍යාල පරිශ්‍ර විෂබීජහරණය කොට අධ්‍යයන කටයුතු පවත්වා ගෙනයන ආකාරය සම්බන්ධයෙන් සියලු විශ්ව විද්‍යාල උපකුලපතිවරුන් දැනුවත්කර ඇති බව මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සඳහන් කළේය.

මේ අතර සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව පාසල් කටයුතු පවත්වාගෙන යාමේදී ගැටලු මතුව ඇති බව ලංකා ගුරු සංගමය පවසයි.

එහි සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා සඳහන් කළේ විෂය නිර්දේශ ක්‍රියාත්මක කිරීමේදී ගුරුවරුන් දැඩි අපහසුතාවයකට පත්ව සිටින බවය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09