උසස්පෙළ Econ පේපරේ කලින් පිටවෙලා ද ? – විමර්ශන CID යෙන්

මේ වනවිට පැවැත්වෙන 2025 අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ආර්ථික විද්‍යාව ප්‍රශ්න පත්‍රය පිටවී ඇති බවට පළ වන කරුණු සම්බන්ධයෙන් විමර්ශන සිදු කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දී ඇති බව අමාත්‍ය නලින් ජයතිස්ස සඳහන් කළා.

අද (25) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසුවා.

ලැබුණු තොරතුරක් මත පදනම්ව මේ සම්බන්ධයෙන් පරීක්ෂණය සිදුකරන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

2025 අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට අදාළ ආර්ථික විද්‍යා ප්‍රශ්න පත්‍රය විභාගයට පෙර අනුමාන ප්‍රශ්න ලබාදීම හේතුවෙන් ප්‍රශ්න පත්‍රය පිටවී ඇතැයි කියන සිදුවීම සම්බන්ධයෙන් විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක ද අද (25) දිනයේ පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?