AFC Banner
Empty Ad
Empty Ad

උසස්පෙළ සිසුන්ට රජයෙන් විශේෂ නිවේදනයක්

කොවිඩ් -19 වෛරස ආසාදිත විභාග අපේක්ෂකයින් සහ නිරෝධායන වන විභාග අපේක්ෂකයින් සඳහා විශේෂ නිවේදනයක් විභාග කොමසාරිස්වරයා විසින් නිකුත් කර තිබේ.

ඒ අනුව එවැනි අපේක්ෂයින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ උපදෙස් අනුව දිස්ත්‍රික් මට්ටමින්, රෝහල් සහ අතරමැදි කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන ආශ්‍රිතව පිහිටුවා ඇත.

එවැනි විභාග අපේක්ෂකයින් නම් කරන ලද විශේෂ විභාග මධ්‍යස්ථානවල නේවාසිකව සිටිමින් විභාගය සඳහා පෙනී සිටිය යුතුය.

එම මධ්‍යස්ථානවල නේවාසිකව සිටිමින් විභාගය සඳහා පෙනී සිටිමට අවශ්‍ය සියලුම පහසුකම් සංවිධානය කර ඇති බව ද විභාග කොමිසාරිස් ජනරාල්වරයා සඳහන් කරයි.

සියලුම ආසාදිත විභාග අපේක්ෂයින් මෙම විශේෂ විභාග මධ්‍යස්ථානවල නේවාසික වීම අනිවාර්ය වන අතර වෙනත් කිසිදු ස්ථානයක දී විභාගයට පෙනී සිටීමට අවස්ථාව නොමැති බව ද විභාග කොමසාරිස්වරයා දන්වා සිටී.

විභාගය පැවැත්වෙන කාලය අතරතුර නිරෝධායන වන විභාග අපේක්ෂයින්, විභාග ප්‍රවේශ පත්‍රයේ සඳහන් තමන්ට නියමිත විභාග මධ්‍යස්තානය පිහිටුවා ඇති විශේෂ විභාග කාරමයේ දී විභාගයට පෙනී සිටිය යුතුය.

තමා නිරෝධායනය වන බව විභාග ශාලාධිපතිට දන්වා සිටිය යුතු බව ද විභාග කොමසාරිස්වරයා දන්වා සිටී.

කොවිඩ් වි‍ශේෂ විභාග මධ්‍යස්ථාන ලේඛනය හා වෛද්‍යවරුන්ගේ දුරකථන අංක පහතින් දැක්වේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?